( තිළිණි ද සිල්වා)
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
වැලිකන්ද ප්‍රාදේශිය සභා සභාපති කවිදු අබේසුරිය කර ඇති වැරදි කිහිපයක් සම්බන්ධව සිදුකළ පරීක්ෂණයට අදාළව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රම වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් සිදු කළ අතර ,එම විමර්ශනයට අදාළව නිකුත් කරනු ලැබු වාර්තාවට අනුව සභාපතිවරයා අදාළ වැරදි සිදුකර ඇති බවට සනාථ වන බව ගැසට් නිවේදනයේ සදහන් වේ.
ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරන ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදියටම වැරදි කරපු මැති ඇමැතිවරු තම ධුරවලින් ඉවත් කරන්න නීතියක් නැති හැටි.. හැම නීතියක්ම පොඩි එකාට විතරයි...