(නිමන්ති රණසිංහ)
සිරගත රැඳවියන්ගේ කුසලතා වර්ධනයට මෙන්ම ඔවුන්ට තොරතුරු දැනගැනීම සඳහා ‘බන්ධනාගාර රැඳවියන්ගේ ගුවන් විදුලි සේවාවක්’ ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි වැලිකඩ බන්ධානාගර අධිකාරී ටී. උඩුවවර මහතා අද (31) ලංකාදීපයට පැවසීය.
මෙම ගුවන්විදුලි සේවාව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට ශ්‍රවණය වන පරිද්දෙන් විකාශනය ආරම්භ කිරීමට මේ වන විට මූලික පියවර ගෙන ඇති බවත්, දවසේ සිතිවිලි දහම් සිතිවිලි වැනි ජීවිතය හැඩ ගස්වා ගැනීමේ වැඩසහටන් මෙන්ම, දවසේ සිදුවීම් ඇතුළත් ප්රවෘත්ති විකාශයනයක් ද ප්‍රචාරය කිරීම මෙහි අරමුණ බවත් උඩුවර මහතා වැඩිදුරටත් පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදින රැඳවියන්ගේ දායකත්වයෙන් මෙම ගුවන්විදුලි සේවාවේ වැඩකටයුතු සිදුකිරීමට නියමිත අතර මේ වන විට ඒ සඳහා පිඹුරුපත් සකස්කර ඇති බවද වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාරයේ පුනරුත්ථාපන අංශ භාර ජ්‍යෙෂ්ඨ නිලධාරී පියසිරි වටගොඩ මහතාගේ මගපෙන්වීම මත මෙම ගුවන් විදුලිය ආරම්භ කිරීමේ මූලික අඩිතාලම සකස් කරමින් පවතින බවද වැලිකඩ බන්ධනාගාර අධිකාරී ටී. උඩුවර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සැපද? බලාගෙන ගියාම හිරේ කිව්වට නිවාඩුවට හෝටලේට ගියා වගේනේ? පලවෙනි පන්තියේ කාමර වෙන්කරපු කට්ටියට බන්ධනාගාර රෝහලේ ඇඳන්... සාමාන්‍ය පන්තියේ නම් බටහිර නැගෙනහිර සංගීතෙට සවන් දෙමින් කුඩා කාමර වල. වීඩියෝ ගේම් වගේ එව්වයි, ශරීර සුවතාවයට ජිම් එකකුයි කාමරේට අල්ලලම ඉදිකරලා, නාන්න සවර් එකකුත් සවිකළානම් වඩාත් හොඳයි.
අපෝ මෙලොව අපායලු ,වැසිකිලි පීටාර ගලනවලු
දැන් මෙච්චර කල් ඇතුලේ ඉඳන් දීලා ගේම්වල විස්තර දැනගත්තේ ගෝලයෝ වැඩේ කරලා කෝල් කළාම දැන් සැපට වැඩිවෙලා.. එවලේම දැනගන්න පුළුවන් දුන්නු ගේම හරිද? කුඩු ලෝඩ් එක ආවද නිරුපද්‍රිතව අවැසි තැනට ඩිලිවරිය ඕනෑද? දැන් කොහෙද පොලිසිය ඉන්නේ? එස්ටීඑෆ් බැල්රියල් කොහෙද අද දාල තියෙන්නේ? අද කොහෙද රෙඩ් එක දෙන්න යන්නේ ගේම දීල හැංගිලා ඉන්න අය කොහේද කියලා පොලිසියට ඔත්තුව ලැබිලද මේ සේරම දැන් සුව පහසුව කුඩුවේ ඉඳලම දැනගෙන සුපිරියට ගේම දෙන්න පුළුවන් මොකද "සිරකරුවෝ මනුස්සයොනේ " එළියේ ඉන්නේ අමනුස්සයොනේ සුපිරි වැඩ පිළිවෙල... දැන් ඉතින් පොලිසියයි, එස්ටීඑෆ් එකයි ගේම දීල ඉවරයි මළපොතේ අකුරක් නොදන්නා කාලකන්නි පාර්ලිමේන්තුවට යවපුවම මෙට වැඩ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ හාමුදුරුවනේ...