
(බී.ජී. චතුරංග)
වල් අලියක් මහවිලච්චියේ ගොවියකු මරා දම පසුව ඔහුගේ නිවෙස සොයාගෙන් ඊට ද හානි කර පසුව ඔහුගේ කුඹුර ද පාගා දමා නිනාශ කළ පුවතක් අනුරාධපුර මහවිලච්චියෙන් වාර්තා වෙයි.
මෙලෙස මරා දමා ඇත්තේ විලච්චිය ගුළුපත්වැව පදිංචිව සිටි චතුර සුදර්ශන අතපත්තු නැමැති 30 දෙදරු පියකු බව පොලීසිය කියයි.
තම ගොවි සගයන් දෙදෙනකු සමග කුඹුරට යමින් සිටියදී එක් වරම පැමිණි වල් අලියා ගොවියාට පහර දී මරා දමා ඇත. ඔහු සමග ගිය එක් අයකු අසල තිබූ බුරුත ගසකට නැග ජීවිතය බේරා ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා වගා ළිඳකට වැටීම හේතුවෙන් බේරී ඇති බවත් ගම්වැසියෝ පවසති.
ගොවි මහතාට පහර දුන් වල් අලියා, පහර දීපු තැනට කිලෝමීටර භාගයක් විතර දුරින් තිබෙන මේ ළමයගෙ කුඹුරට ගිහින් කුඹුර කාලා දාලා. ඊට පස්සේ එයාගේ නිවස දෙසට දිව ගිහිල්ලා නිවසේ ඉදිරි දොරටයි පිටුපස දොරටයි පහර දීලා කඩා දාලා තිබූ බව ද ගැමියෝ පවසති.
අරලගංවිල දිඹුලාගල පහළඇල්ලේවැව දී ද වල් අලි ප්‍රහාරයකින් 60 හැවිරිදි දෙදකරු පියකු මියගොස් ඇති අතර මොරගොල්ලාගම රක්වාන ප්‍රදේශයේදී ද වල් අලි ප්‍රහාරයකින් දෙදරු මවක මියගොස් ඇත.
ඒ අනුව ඊයේ සහ අද දින සිදු වූ වල් අලි ප්‍රහාරවලින් තිදෙනකු මියගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අලින්ගෙත් හැසිරීම් රටාව වෙනස්වෙලා දරුණුවෙලා. මේවා ඔක්කොම කාලයක් තිස්සේ සිදුවූ සිදුවීම් වල ප්‍රතිඵලයක්. කාටවත් මෙම අලි, මිනිස් ගැටුම හරි විදිහට විසඳන්න අවංක වුවමනාවක් නැහැ වගේ...
අලින්ගේ ජීවිතවලට වඩා මිනිස් ජීවිත වටිනා බව වටහාගෙන කටයුතු කළයුතුයි...