
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
දින කීපයකට ඉහතදී වාරියපොල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ කැලෑ රොදක දමා ගොස් සිටියදී හමුවූ ළදරුවා පරිවාස බාරයට පත්කරන ලෙස වාරියපොල මහේස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.
දරුවා සොයාගත් දිනයේ සිට අද දිනය දක්වා නිකවැරටිය මූලික රෝහලේ රදවා තැබීය. පරිවාස නිලධාරීවරයා කියා සිටියේ මුල සිටම දරුවා නිරෝගී තත්වයේ පසුවුවත් පොහොර උරයක දමා තිබූ නිසාවෙන් යම් විෂබීජ ශරීර ගතවී ඇත්දැයි පරීක්ෂණ කිරීම සදහා දරුවා එතෙක් කල් රදවා තැබූ බවයි.
වාරියපොල පොලිසියේ නිලධාරිනියන් දෙදෙනකු විසින් දරුවා අධිකරණය වෙත රැගෙන ආ අතර මීගලෑව "අමිල සෙවන" ළමා නිවාසයේ නිවාස මාතාවන් දෙදෙනකු දරුවාගේ කටයුතු වෙනුවෙන් පැමිණ තිබිණ.
දරුවා හදාගැනීමට ලබාගැනීම සදහා අදත් කිහිප දෙනෙකුම වාරියපොල අධිකරණය වෙත පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම වාසනාවන්ත දරුවෙක්.කවුරුත් නොදැක්කා නම් කපුටෝ මේ දරුවාගේ ඇස් උගුල්ලාගෙන කා දාන්නත් ඉඩ තිබුනා නේද?අවාසනාවට නපුරු මවකගෙන් උපත ලැබුවත් වාසනාවට තාමත් ජීවත් වෙනවා