
(නිමල කොඩිතුවක්කු)
වරාය සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය ගැසට් පිට ගැසට් ගැහුවත් වරාය සේවකයන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියටත් ගෙනයන බව ශ‍්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමය සභාපති ප‍්‍රසන්න කළුතරගේ මහතා ලංකාදීපයට පැවැසීය.
වරාය සම්බන්ධ ගැටලූව විසදීමට රජය අපොහොසත් වුවහොත් හෙටින් ආරම්භ වන සතිය තුළ වෘත්තිය ක‍්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බවද හෙතෙම සඳහන් කළේය.
වරාය සේවකයන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය අද (31) තුන්වන දිනටත් සාර්ථකව ක‍්‍රියාත්මක වූ බවත් කළුතරගේ මහතා කීයව්ය.
හෙට දිනයේ සියලූම වෘත්තීය සමිති එක්ව සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් ගනු ලබන තීන්දුව ගැන ප‍්‍රකාශයට පත් කරන බවද ඔහු පැවසීය.
වරාය ගැටලූව විසඳන්නේ නැතිව රජය මර්ධන ක‍්‍රියාමාර්ග ගන්නේ නම් එයටද වරාය සේවකයන් සූදානම් බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂලා කොළඹ ගාලුමුවදොර අවට හමුදා මුලස්ථානය සහ අවට ඉඩම් චීනයට විකිණීමේදී සහ කොළඹ වරාය කොටසක් 80%ක් චීනයට ලබදීමේදී සහ කොළඹ වරායේ චීනයට අයත් එම කොටසට ලංකාවේ රජයේ අවසරයකින් තොරව සබ්මැරින් පැමිණෙද්දී රාජපක්ෂලා වෙනුවෙන්ම සටන් කරන වරාය සේවකයින්ගේ වෘත්තිය සමිති එදා සිටියේ නිදාගෙනද? මාධ්‍ය ඉදිරියේ වීරයන් වුවද මොවුන්ට කළ හැකිදෙයක් නොමැත. මාධ්‍ය ඉදිරියේ වීරයන් වුවද මොවුන්ට කළ හැකිදෙයක් නොමැත. රජයේ හමුදාවන් යොදවා වරාය කටයුතු කරගෙන යාමට රජයට හැකියාව ඇත.
2015 යහ පාලනයේ දී ගිවිසුම් අත්සන් කරපු අය දැන් කියන කතා දිහා බැලුවම පේනවා එයාලා වැටිලා තියෙන දේශපාලන හෝදාපාලුව කෙතරම් ද කියලා....
100%ම වරාය අධිකාරියට ... මේ දැන් ලැබුණු සතුටු දායකම පුවත... ජය වේවා..!!!