(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වරාය අධිකාරාය මෙම වසරේ ලැබූ ලාභයෙන් රුපියල් බිලියන 5 ක් හෙවත් රුපියල් කෝටි 500 ක් ඒකාබද්ධ අරමුදලට දීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල්ගුවන් සේවා අමාත්‍යංශය පැවසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 2ක් ඒකාබද්ධ අරමුදලට දුන් අතර තවත් බිලියන 3 ක් දෙසැම්බර් මාසයේදී ලබා දීමට නියමිත බව ද එම අමාත්‍යංශය කීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2024 වසර දක්වා දශකයේ ඒකාබද්ධ අරමුදලට ලබාදී ඇති මුදල රුපියල් බිලියන 10.3ක් පමණි බවත් නව රජය බලයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ ඔක්තෝබර් මස 31 වැනි දිනට වන විට රුපියල් බිලියන 39 ක බදු පසු ශුද්ධ ලාභයක් ලැබු බවත් එම අධිකාරිය කීය. එය පෙර වසරට සාපේක්ෂව බදු පසු ශුද්ධ ලාභයේ රුපියල් බිලියන 12 ක පමණ වර්ධනයක් බව ද එම අමාත්‍යංශය සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුදලින් සෑම ප්රාදේශීය සභා බල ප්රදේශයකම කෝටි 2කට අසන්න මුදලක් වැය කරලා , ප්රදේශයට ගැලපෙන කර්මාන්ත ශාලාවක් හදලා, දේශීය හෝ විදේශීය වෙලදපලට නිෂ්පාදන/අගය එකතු කල නිපැයුම් නිපදවමින් අදාළ ප්රදේශයේ තරුණ තරුණියන්ට රැකියා දෙන වැඩ පිළිවෙලක් හැදුවානම් රට දියුණුවෙනවා නේද?
කවදා අහපු කතාද මේවා. ... හැමදාම පාඩු වෙනවා කියලා තමයි ඇහුව්වේ. .... ඇත්තටම ආණ්ඩුව මොනවද කලේ කියලා අහන අයට ඉතීන් මේවා තමයි පෙන්නන ඕනෙ.
හාමුලගේ පස්සෙන් යන අයගේ අදහස් මේවට නැත්තේ මොකද?