(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද බාර දුන්නේය.
එම පනත් කෙටුම්පත කතානායකවරයා විසින් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට යටත්ව ඒ පනත් කෙටුම්පත ලබන 18 හා 19 යන දිනවල විවාද කර සම්මත කර ගැනීමට කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති .
වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ (5)පැවැත්වීමට නියමිතව තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ප්‍රමාදය නිසා එය එදින පැවැත්වීමට නොහැකි විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීන්දුව කොහොමත් ආණ්ඩුව පැත්තේ තමයි.... අන්න අරහේ කාටදෝ තානාපති පත්විමකුත් දිලා ලු
කලාපීය බලවතානේ...
කලාපීය බලවතා වන ඉන්දියාව මේ පෝට් සිටි ව්‍යාපෘතිය පිලිබදව මෙතෙක් විරුද්ධව නැගී නොසිටීම ප්‍රයෝජනයට ගෙන මෙම පනත තුලින් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නීතිගතකර එය වැටීසිටින රටේ ආර්ථිකය ගොඩනැගීමට උපකාර කරගත යුතුයි. දැන් චීනයේ සරණ මිස වෙන විකල්පයක් නොමැත...
මේ තීන්දුව හරියට දීලා නැත්නම් ලංකාවට දෙවි පිහිටයි. කතානායක හරි තීන්දුව පාර්ලිමේන්තුවට කියයිද දන්නෑ...