(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ භාවිතයෙන් ඉවත්කරන ලද ග්‍රෑන්ටි දොඹකර දෙකක්  අබලි යකඩ ලෙස විකිණීමට එම අධිකාරිය ටෙන්ඩර් පත් කැඳවා ඇත.

මෙසේ අබලි යකඩ ද්‍රව්‍ය ලෙස විකිණීමට යන්නේ ජය බහලු පර්යන්තයේ ජේ3 සහ  ජේ 4 ග්‍රෑන්ටි දොඹකර දෙකයි.

මෙම දොඹකර  දෙකේ බර කිලෝ ග්‍රෑම්  දොළොස් ලක්ෂ  හැට දහසක් පමණ වේ.