(අනීෂා මානගේ)
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම හෝ බදු දීම කිසිවිටෙකත් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(31) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවසුවේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසූයේ තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසුවේය.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ප්‍රශ්නයට ඇත්තවශයෙන්ම විපක්ෂය අපිට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි වරාය කාටවත් දෙන්නෙත් නැහැ. විකුණන්නෙත් නැහැ. බදුදෙන්නෙත් නැහැ. එය අපේ පාලනය යටතේ තිබෙනවා. මම හිතන්නේ වෘත්තිය සමිති ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්තීය සමිතිවලට කියන්නේ අපි මේ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ එහෙම දෙනවද කියලා. ඒ නිසා මේ ගැන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ.
වැඩ වර්ජන කරන්න දෙයක් නැහැ. මට ඇවිත් කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ඉන්නේ විකුණන්න ඕනෑ නැහැ කියන පදනමේ. ජනාධිපතිතුමා ඉන්නෙත් ඒ මතයේ. දේපළ විකිණීම අපේ ප්‍රතිපත්තිය නෙවෙයි. ඒ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙවෙයි අපිට බලය දී තිබෙන්නේ යැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාවෙන්න සර්..., වරාය විකුණන්න හදපු ජනතාවගෙන් එය බේරාගත්තා... අපි නොදන්න සර්ලාගේ වැඩ.. !!!
"නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ" කියන්නේ මෙන්න මේවාට...
මෙයා මෙහෙම කිව්වට මල්ලි වැඩේ දීලා ඇති මෙලහකටත් ... හැමදාම මේවා තමයි කළේ... ඕක කියන්න හම්බන්තොට යන්න ඕනෙද? කොළඹදිම කියන්න තිබුණේ නැද්ද? මේවට කියන්නේ ඇන්දිලි කියලා. 69 ලක්ෂයට අස අසා තව වසර 02ක් ඉන්න වෙනවා.
මේ පවුල අපේ රට කනවා. අයියා තව එකක් කියනවා. මල්ලි තව එකක් කියනවා. අන්තිමට ජනතාව රැවටෙනවා..
ඔය ප්‍රකාශය කරපු වෙලාවේ වාඩිවෙලා හිටපු පුටුව යට පොළව හොඳට ශක්තිමත් ඇති නේද?
දැක්කොත් බුවා... නොදැක්කොත් එබුවා න්‍යාය... මෙච්චර දවස් කට වහන් ඉඳලා දැන් මොකද කරන්නේ..?
මුට්ටිය කළින් දාලා බැලුවා වගේ හරියන්නේ නැහැ වගේනේ. ඔබතුමාලා හින්දා මේ දවස් ටිකට වරායට කොච්චර පාඩු වුණාද? ඔබතුමාලාගේ ඇමැතිවරු තමයි වරාය දෙනවා කිව්වේ...
එතකොට අර ලංසා කිව්වේ කවුරු විරුද්ධ වුණත් විකුණනවා කියලා..
මේවට තමයි කියන්නේ තුන් තේරවිලි කියලා...
ඔබතුමා අපිට විශ්වාසයි... අනුර තමයි අපිට හොරෙන් වරාය ඉන්දියාවට දෙන්න හදලා තියෙන්නේ..
හම්බන්තොට වරාය බදු දුන්නේ නැතිනම් වරාය සම්පූර්ණයෙන් චීනයට සින්නක්කර අයිති වන්නට තිබුණා. වරායට අරගෙන තියෙන ණය ප්‍රමාණයට සාපේක්ශව වරායට එන ආදායම හුඟක් අඩුයි. අඩුම තරමින් ණය වාරික ගෙවීමටවත් සරිලන ආදායමක් හම්බන්තොට වරායෙන් ලැබෙන්නේ නෑ. වරද මේ වරාය බදු දීම නෙමෙයි කිසිම ආදායමක් එන්නේ නැති වරායක් හදපු එක. චීන කොමිස් වලට හැමදාමත් කෑදර වූ රාජපක්ෂ පරපුර අවසානයේ මේ රට චීනයට සින්නක්කර ලියලා දීලා තමයි නවතින්නේ... අවසානයේ සිදුවුයේ ගාලුමුවදොර වගේම රාජපක්ෂලා විසින් ගත් ණය ගෙවා ගන්න බැරිව චීනයට සින්නවෙන්න තිබුණු හම්බන්තොට වරාය බදුදීලා හරි අපි යටතේ තබාගැනීමට කටයුතු කිරීමයි.. යහපාලන රජය එසේ නොකළානම් ගාලුමුවදොර මෙන් හම්බන්තොටත් චීනයට සින්න වෙනවාමයි. එවිට රාජපක්ෂලා පරාදකොට චීනෙකු හම්බන්තොටින් පාර්ලිමේන්තුවට පත්වනවා සිකුරුයි.
දැනටමත් විකුණලා තියෙන හරිය ඇතිනේ...
කවුද කියන්නේ වරාය විකුණනවා හරි බදුදෙනවා හරි කියලා? හැබැයි වරායේ අයිතියෙන් 49%ක් අදානි සමාගම මිලදී ගන්නවා. ඒ කියන්නේ පාලන බලතල වලින් සහ ලාභයෙන් 49%ක් අදානි සමාගමට ලැබෙනවා. මේ කතාව කෙලින් නොකියන්නේ ජනතාව සතුටු කිරීමට නේද?
කඩේ ඉතිරි වැඩටික කර ගන්න අපි ළඟ සල්ලිත් නැතිනම්, කඩේ බැංකුවට තියලා ණයක් ගන්නත් එපානම්, ලැබෙන ලාබයෙන් කොටසක් දෙන්නම් කියා ණයක් ගන්නත් එපා නම් කඩෙන් වැඩිපුර බඩු ගන්න මිනිහා අපේ කඩේ ලඟින් එයාගේ කඩයක් දාගත්තාම අපිට මොකද වෙන්නේ? දැනටමත් එයා කඩයක් හදනවාලු.
බලනකොට වරාය විසින් වරාය වෙන්දේසි කරන්න ගිහින් තියෙන්නේ.., අනේ අම්මපා...!!!
අපේ ලංසා ඇමැතිතුමා කිව්වනේ කවුරු කිව්වත් වරාය විකුණනවා කියලා..