(ඉන්දිකා රාමනායක)
වරායේ උද්ගත වී ඇති තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ සුබවාදී ලෙස විසදෙනු ඇතැයි වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා රජය විසින් පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින දිනයේ වරාය අමාත්‍යවරයා වෙත ලබා දෙන බවත් මෙම ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා රජය විසින් පත් කළ කමිටු වාර්තාව ලැබීමට නියමිත බවත්, එම වාර්තා අමාත්‍යවරයා වෙත ලැබීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු සියලු දෙනාටම ඉතා සුභවාදී තත්ත්වයකට මුහුණ දීමට හැකියාව ඇති බවද සභාපතිවරයා කියා සිටියේය.
ගැටලු විසදීමෙන් පසු ඉදිරියේ සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු කරමින් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි වන බවත් එය සියලු දෙනාගේ අපේක්ෂාව බවද සභාපතිවරයා සඳහන් කළේය.
මෙම තත්ත්වය හමුවේ යම්කිසි පාර්ශවයක් වරාය ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට කටයුතු කරන්නේ නම් එය වරායට පමණක් නොව සමස්ත රටටම කරන හානියක් පැවසු සභාපතිවරයා මෙම අවස්ථාවේ වගකිවයුතු වෘත්තීය සමිතී ඔවුන් සිය කාර්යභාරය නිසි අයුරින් ඉටුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද කීය.
නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට හෝ වෙනත් සමාගමක් වෙත ලබාදීමක් පිළිබඳ නොව, වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන ආ ආකාරයට ම ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකිවන අයුරින් මෙම ගැටළුව සුබවාදීව විසදෙනු ඇති බවට වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසින් මා තුළ දැඩි විශ්වාසයක් පවතින බවද හෙතෙම කීය.
ඉදිරියටත් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම එකම අපේක්ෂාව බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.
වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නය සුබවාදීව විසඳන්න වෙන්න ඇති "වරාය අත්‍යාවශ්‍ය සේවාවක්" ලෙසට අද ගැසට් කරන්න ඇත්තේ එහෙනම්. දැන් අදානි සමාගමට අර වැඩකට නැති වතු ටිකකුත් දෙන්න යනවා කියලත් කියනවා. ඔහොම ගියොත් ඒ වතු ටිකත් වැඩිකල් යන්න කලින් "අත්‍යාවශ්‍ය සේවාවල්" කියලා ගැසට් කරන්න තමා වෙන්නේ. මාර වැඩක් තමයි ලංකාවට වුනේ...
ප්‍රශ්නේ විසඳන්නේ නන්දසේන රාපක්ෂ ජනාධිපතිතුමාට ඕනෑ විදිහටද, නැතිනම් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය තුමාට ඕනෑ විදිහටද?