
(අංජුල මහික වීරරත්න)
වරප්‍රසාද ලත් පිරිසක් විසින් ඔවුන්ගේ වරප්‍රසාදයක් බවට පත් කරගෙන සිටි ජනාධිපති අරමුදල වත්මන් රජය යටතේ සීයට සීයක් ජනතාව වෙනුවෙන් භාවිත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
2023 සහ 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එක් එක් විෂය ධාරාව යටතේ විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසු දරු දැරියන් ඇගයීමට ජනාධිපති අරමුදල විසින් ගනු ලැබූ තීරණයට අනුව, විශිෂ්ට දක්ෂතා දැක්වූ දරු දැරියන් ඇගයීමේ මධ්‍යම පළාත් වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවැත්විණි.
"ජාතික අරමුදල පිළිබඳ කතා කරද්දී අපට ගොඩක් අහන්න ලැබෙන්නේ ජනාධිපති අරමුදල අවභාවිත වූ ආකාරය ගැනයි. වරප්‍රසාද ලැබුණු පිරිසක් විසින්ම තමන්ගේ වරප්‍රසාද වගේම ප්‍රතිලාභ වැඩි කරගන්න මේ අරමුදල අවභාවිත කරලා තියෙනවා.
ඒ වගේම මානව සම්පත දියුණු කිරීමේ රජයේ ප්‍රමුඛ කාර්යයක් විදිහට රජය හඳුනා ගෙන තියෙනවා. ඒ අරමුණ ඇතිව අපි අධ්‍යාපනයට ආයෝජනය සිදු කරනවා. ඒ ආයෝජනය මුදල් අතින් පමණක් නෙවෙයි අනෙක් සියලු අංශවලින් ද සිදු කරනවා යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

COMMENTS
විධායක ජනාධිපතිධූරය අහෝසි කරනව කියලා කිව්වා වගෙත් මතකයි.
දයාසිරි කිව්වා එයා ගත්තු ටික නියෝජ්‍ය ඇමැතිලාට නඩුදාන්න ගන්නවා කියලා....
ඒක ඇත්ත, ජනාධිපති අරමුදලෙන් මිලියන ගණනින් දේශපාලකයං ගත්තා අපි බලාගෙන
මම දන්න දහයක් පහලවක් සාමාන්‍ය මිනිස්සු ජනාධිපති අරමුදලෙන් ආධාර අරන් වකුගඩු සැත්කම්, බයිපාස් සැත්කම්, පිළිකා රෝගෙට විදේශ ප්‍රතිකාර ලබා ගත්තා. මේ කියනවා ඇත්තේ වෙන ජනාධිපති අරමුදලක් ගැන වෙන්න ඇති. නමුත් පැලවත්තේ ට්‍රිලියන ගාණක අරමුදල ගැන නම් වෙන්න බෑ. ඒක මාලිමාවේ ලොක්කෝ සඳහාම පමණයි.
ජේවීපීය විසින් රට කෑවා කියා මරන්න හදපු ජේ.ආර් ජයවර්ධන ජනාධිපති තුමාගේ වැඩක් ඔය ජනාධිපති අරමුදල කියන්නේ.
මගුල් ගෙදරක හෝ මරණ ගෙදරකට ගිහින් ස්තුති කතාවට දේශපාලන කතාවක් කරනවා වගේ තමයි අගමැතිතුමියගේත් කතාව. ඔය ශිෂ්‍යයන්ගේ ඔලු කුරුවල් කෙරිල්ල ජවිපෙ මාලිමා ප්‍රතිපත්තියක් නිසා අවුල තේරෙන්නේ නැතිව ඇති.
මගේ චන්දය මාලිමාවට සහ අනුර සහෝදරයාට දුන්නු එකෙන් රටට පාඩුයි බව ටික ටික අවබෝධ වෙනවා
ඔය කරන වැඩ වලින් වැඩියෙන්ම රිදෙන්නෙ ප්‍රභුන්ට වඩා ඔවුන්ගේ කසළ ශෝධකයන්ට හරිනි මැඩම් !
සහතික ඇත්ත .බයියන්ටයි ටොයියන්ටයි විතරක් අරමුදල දැන් තමයි හරි පාරේ යන්නේ
පිස්සුද මන්දා...
අඩේ, මේ හරිනිගෙන් සහතික පත්‍රය ගන්නේ හසානා සේගු ඉසඩින් නේද ? ආ, මෙයත් පැත්තකින් ඉන්නේ...! ඔයගොල්ලෝ සෙට් එකම එක පාර දැකගන්න ලැබීම සතුටක්..!
මේ රජය බලයට ආවාම නීතියක් දැම්මා නේද පාසල් සහ අධ්‍යාපන කටයුතු සඳහා දේශපාලකයන් ගෙන්නන්න බෑ කියලා. ඉතින් මේ ගිහින් තියෙන්නේ. වැදි බණ තමයි.
....කියපල්ලා එක රටක් මේ ලෝකේ රටේ ජනාධිපතියි අගමෑතියි දෙන්නාටම පව්ලක් පන්සලක් නෑති....??? කියපියව්...!!! ඈයි මේක වෑදගත්....? ඕනෑම සමාජයක (ඕඅ ආගමක, සන්ස්කෘතියක, ඈමරිකාවේ පවා) පවුල් සන්ස්තාව ඉතාම ඉහලින් තමා තියන්නේ....රටේන් නායකයෝ පව්ලක් නෑ කියන්නේ උන් කොහොමද පවුල් වලට අවශ්‍ය දේ ගෑන ප්‍රතිපත්ති හදන්නේ....ලමයි නෑති මිනිහෙක් නෑති සහ සින්හල බෑරි හරිනි කොහොමද ලන්කාවේ ලමයින්ට ප්‍රතිපත්ති හදන්නේ....පන්නපියව් මුන් දෙන්නවම ...
ලොකේ පහළ වුණ කිසිම වැඩක් කර ගන්න බැරි වුණ අගමැති කොළ බලාගෙන කියවීමට සුපිරි දක්ෂ අගමැති