( තිලිණිද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ)
මහෙස්ත්‍රාත්වරයෙකුගෙන් වරෙන්තුවක් ලබා ගැනීමකින් තොරව වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාළමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ පෙත්සම අද (20) සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මාර්තු 12 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම් නවාස් සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීමට කැදවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධියෙන් හොඳටම පෙනෙනවා කලකට ඉහතදී අර සුගන්ධිකා කියන පෙරකදෝරු මහත්මිය ප්‍රකාශ කළ පරිදි ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයාගේ තරාතිරම අනුව දෙවිදියකට කියලා. ජර්මනිය ඇතුළු මධ්‍යම යුරෝපයේ නම් නීති කඩන, නීති නවන පොලිස් නිලධාරීන්ට ,පෙරකදෝරුවන්ට, විනිසුරුවරුන්ට තදින් නිතිය ක්‍රියාත්මක කරනවා. එයට හේතුව ඔවුන් නිතිය සාමාන්‍ය පුද්ගලයන්ට වැඩිය හොදින් දන්නා නිසා සහ නීතිය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී දිවුරා පොරොන්දු වී ඇති නිසාය.
ඉතාම නිවැරදි නියෝගයක්. නීතිපතිට උවමනා විදිහට අධිකරණය හසුරුවන්න බැරි බව මෙහෙමවත් පෙන්වා දෙන එක වටිනවා.