IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විරෝධයට විරොධයක් පොලිසියෙන් කඳුළු ගෑස්

(සිතුම් චතුරංග)

මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු නවතා දමන ලෙසත් ඒ සඳහා අනුබල ලබාදෙන මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් ඉවත් කරන ලෙස මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමයේ විරෝධතාවයට විරෝධය දක්වමින් පැමිණි තවත් ධීවරයින් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

ඩයිනමයිට් ඇතුළු තහනම් ධීවර දැල් යොදාගනිමින් මුලතිව් මුහුදේ සිදුකෙරන ධීවර කටයුතු නවතා දමන ලෙසත් එම ධීවර කටයුතු සඳහා සහයෝගය ලබාදෙන මුලතිව් ධීවර හා ජලජ සම්පත් කාර්යාලයේ හා ධීවර පරීක්ෂක කාර්යාලයේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් ඉවත්කරන ලෙස බලකරමින් දින තුනක කාලයක් මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමය හා ඔවුන්ගේ පවුල් ධීවර හා ජලජ සම්පත් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ අතර එම ධීවර විරෝධතාවයට විරෝධය පලකරමින් පැමිණි තවත් ධීවර පිරිසක් හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් උද්ගත විය.

තමන්ට සුරුක්කුදැල් හා ලයිට් කෝස් යන ධීවර ක්‍රම භාවිතා කරමින් මසුන් ඇල්ලීමට ඉඩලබාදෙන ලෙසත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ නොකරන ලෙසත් පවසමින් සෙබස්තියන්පිල්ලේ ගුණසීලන් මහතා නායකත්වය දරණ ධීවර සංගම් කිහිපයක් මුලතිව් නගරයේ සිට විරෝධතාවයට විරෝධය දක්වමින් පැමිණි අතර ඔවුන් ධීවර හා ජලජ සම්පත් කාර්යාලය ඉදිරිපිටට ගමන් කිරීමට උත්සහකරනු ලැබීය.

එහිදී පොලිසිය විසින් දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් මතුවීමට පෙර කඳුළුගෑස් ප්‍රහාර එල්ලකොට එම ධීවරයින් විසුරුවා හැරීමට කටුයුතු කළ අතර එහිදී ධීවරයින් දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් උද්ගතවිය.

 



අදහස් (0)

විරෝධයට විරොධයක් පොලිසියෙන් කඳුළු ගෑස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site