
(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල් විදේශීය සමාගම්වලට ලබාදීමට කර ඇති යෝජනාවට විරුද්ධය දක්වමින් ඛනිජ සංස්ථාවේ සේවකයන් පිරිසක් කොළඹ 7, මල් පාරේ පිහිටි බලශක්ති අමාත්‍ය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (27) පස්වරුවේ පැවැත්වූහ.
එහිදී එම විරෝධකරුවෝ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ මහතාගේ වාහන වට කර පසුව අමාත්‍යංශයේ පරිශ්‍රයේ ඒ මහතා සිරගත්හ.
ඉන් පසුව අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා විරෝධතාකරුවන්ට සාකච්ඡාවක් ද ලබාදුන්නේය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විතරක් නොවේ, විදුලියත් පුද්ගලික අංශයට දිය යුතුයි.
මේ ආණ්ඩුව ලෝක වෙළෙඳ පොළේ ඛනිජතෙල් මිල අඩුවෙන් පැවැති කාලයේ වැඩිමිලට ඛනිජ තෙල් විකුණුවා. ඔවුන් කිව්වේ අරමුදලක් හදලා ඒකට මුදල් බැරකරලා තියෙනවා. මිල වැඩිවෙන කොටත් වැඩි නොකර ඛනිජ තෙල්මිල අඩු මිලක පවත්වා ගන්න. පට්ට බොරු ගැහුවා. තවද, ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ කරන්නේ මංකොල්ලකාර සේවක පිරිසක්. ඔවුන් නම් පඩි ගන්නවා හරියට වැඩක් නොකර. ඛනිජ තෙල් සම්පූර්ණයෙන් පෞද්ගලීකරණය කළ යුතු අතර සාධාරණ මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුයි. එවිට ලෝක වෙළඳපොළේ මිල අනුව ලංකාවේ මිල උච්ඡාවචනය වේවි...!