
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ආණ්ඩුව නියමිත වේලාවට බදු පැනවීම නොකරන නිසා දේශීය ගොවියා අසීරුතාවට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය .
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 245/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමය පිළිබඳ විවාදයේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
දේශීය ලොකු ලුනු වල පිරිවැය කිලෝ එකට රුපියල් 250 ක් වෙනවා.ගොවියා රැක ගැනීම මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට මිලදී ගැනීමේ හැකියාව සැලසෙන පරිදි ආණ්ඩුව තීරණ ගත යුතුයි. ඇත්තෙන්ම මේ දේවල් සිදු වෙනවාද?මෙහි දෝෂ රැසක් තියෙනවා.ආණ්ඩුව නියමිත වේලාවට බදු පනවන්නේ නැහැ.
බදු පනවන විටත් ආනයනකරුවන් විශාල වශයෙන් අර්තාපල් සහ ලොකු ලුනු ගෙන්නා ගෙන රැස් කරගෙන සිටිනවා. එවිට ආනයන කරුවාට වාසිය යනවා. දේශීය ගොවියා පීඩාවට ලක්වෙනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ හරි කොනක් අල්ලා ගන්නවා. ඊට පස්සේ ඒකට තඩිබානවා...
මෙම විපක්ෂයේ අසමර්ථ දේශපාලනඥයින් තාක්ෂණික හා ආර්ථික ව්‍යුහයක් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න කුඩා හෝ අවබෝධයක් නැති අය කියලා පෙන්නනවා. NPP බලය ලබා දීමට දුන් මාගේ ඡන්දය ගැන මම සතුටු වෙනවා. රට ගොඩ දාන්න ගොඩ කාලයක් යයි. ඒත් මේ ආණ්ඩුවේ වැරැද්ද නොවෙයි, තියෙන ප්‍රශ්න නිරාකරණය කරන්න කාලයක් යයි.
මූ මුලුවෙන් හිටගෙන උඩ පැන්නත් මූට අගමැතිවත් ජනපතිවත් වෙන්න වරම් නෑ
විපක්ෂ නායකයාට ළාමක ටින් ටින් කියලා කියන්නේ නිකම්ද? සමහර කතා ගැන නම් කියලා වැඩක් නැහැ.
ඔයා හිටියා නම් පච කෙළලා ගොවියෝ අමාරුවේ වැටෙනවා.
මෙතුමා හිටියා නම් සමෘද්ධි සල්ලි හරි බෙදනවා. හා හා