
(යොහාන් භාසුර)
චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව අද (2) පස්වරුවේ දිනාගත් රිදී පදක්කම නීති විරෝධී ධාවනය හේතුවෛන් අහිමිකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලේ තාක්‍ෂණික කමිටුව තීරණය කළේය.
එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් මංතීරු නීති උල්ලංඝණය කරමින් ධාවනය යොදුණු බවට තාක්‍ෂණික කමිටුව සඳහන් කරයි.
එම පදක්කම හිමිවූයේ නම් 2006 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩාවෙන් දිනාගත් පළමු පදක්කම බවට පදක්කම බවට ද පත්වේ.
අරුණ දර්ශන, නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ සහ තරුෂි දිල්සාර මෙම ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.
ඒ අනුව එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා සිටි ඉන්දියාවට රිදී පදක්කම ද, සිවුවැනි ස්ථානයට පත්වූ කසකස්තානයට ලෝකඩ පදක්කම ද, හිමිවිය.
එහි රන් පදක්කම බහරේනය දිනාගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ... ලංකාවේ වගේ තක්කඩිකම් ලෝකෙට ගිහිල්ලත් කරන්න පුළුවන් කියලා වෙන්න ඇති මේ අය හිතාගෙන ඉන්නේ... හිතාමතාම තමයි හොරට මාවත් පැනලා දුවලා තියෙන්නේ...
අවාසනාවන්ත කාලයක් රටට උදාවෙලා තියෙනකොට දැයේ දක්ෂ දරුවන්ටත් වරදිනවා. සැවොම එක්වී පිංකම් කළ යුතුයි. රටට සෙත් පැතිය යුතුයි.
ලංකාවේ අයට ඕන මැටියෙන් හැදුවත් බළල්ලු මීයො අල්ලනවා නම් හොඳයි තියරියනේ... රටේ කිසිම විනයක්, වගකීමක්, හැදියාවක් නැහැ. තමන්ගේ වගකීම ඉටු නොකරන මිනිස්සු කිසිම නීතියක් ගණන් ගන්නේ නැහැ. ඒවා මේ රටේ සලකා නොබැලුවත් අනෙක් රටවල් ඉහළින් සලකා බලනවා ඉතින් ඔහොම වීම අරුමයක් නොවෙයි... අපිට කියන්න තියෙන්නේ කරතොත් කරපන් හරියට බැරිනම් යන්න අහකට කියලා තමයි...
ඉතාමත් කරපු වැරදක් නෙමෙයිනෙ. එගොල්ලො මෙයාට පෙරත් ශ්‍රී ලන්කාවට කීර්තිය ගෙනදුන් හොද දක්ශ දරුවන්. අපරාදෙ සුලු අතපසු වීමක් නිසා සිදුවුනු පාඩුව පිරිමසාගන්ට තව අවුරුදු ගානක් බලාගෙන ඉන්ට එපායැ. අපේ ලැබීම කියල හිත හදා ගමු.
කමක් නැ, හිතාමතා කරපු දෙයක් නෙවි නේ. අර 11 දෙනෙක් ඉඳගෙන සියලු වරප්‍රසාද වරදාන අරගෙන, මුලු ලොකෙම තියෙන කන්ඩායම් වලට පරාද වෙවී, පච වෙවී එන්නෙ හැමදාම.
ඉතාම කනගාටුයි