(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරු පැදි අනතුරු අවම කර ගැනීම සඳහා දිවයින පුරා ආරම්භ කර ඇති යතුරු පැදි පරීක්ෂාකරන මෙහෙයුමේ දී පැය 24ක කාලය තුළ යතුරු පැදිකැවන් 4500ට අධික පිරිසකට නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
බීමත්ව යතුරු පැදි පැදවීම ,ආක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරු පැදි පැදවීම ,මාර්ග නීති උල්ලංඝනය කිරීම යන වැරදි සම්බන්ධයෙන් මෙම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව ද අජිත් රෝහණ මහතා පවසයි.
මෙහෙයුම ඊයේ (1) සිට ආරම්භ කර ඇති අතර මෙය හෙට (3) දක්වා ක්‍රියාත්මක කරන බව හෙතෙම සඳහන් කළේ ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd