(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)


වර්තමාන තත්වය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට  (8)  පැවැත්වේ.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂය විසිනි. පවතින තත්වය හේතුවෙන් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම හේතුවෙන්  හෙට   (08) පාර්ලිමේන්තුව රැස් නොවීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයවී තිබිණ.

තවද  ලබන 9 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා දෙදිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු  වෙනසක් සිදු නොවේ. මේ අතර එළඹෙන සිංහල - දමිල අලුත් අවුරුදු උත්සවය හේතුවෙන්  අප්‍රේල් දෙවන සතියේ  පාර්ලිමේන්තු රැස්වීම්  නොපැවැත්වීමටත් මෙහිදී තීරණය  විය.