IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘වර්ජනය කිරීමේ අයිතිය මර්දනයට අයිතියක් නෑ‘

(නිමල කොඩිතුවක්කු)

වැඩ කරන ජනතාව සතු වර්ජනය කිරීම අයිතිය මර්දනය කිරීමට රජයට කිසිදු අයිතියක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

රජය තුළ එවැනි සූදානමක් වෙත්නම් ඇතිවියහැකි අහිතකර ප්‍රතිවිපාක දෙස අවධානය යොමුකරවමින් හෝ එය හකුලා ගතයුතුව ඇතැයිද   ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

“වැඩ කරන ජනතාව සතු වර්ජනය කිරීමේ අයිතිය ශ්‍රී  ලංකාවට අදාළව තහනම් කලයුතුය යන අදහසක් රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කිරීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බලවත් ලෙස අවධානය යොමු කරන්නෙමු. අධිකරණ අමාත්‍යවරයාගේ එම අදහස වත්මන් රජයේ අදහස ද වන්නේ නම් එය සැලකිය යුත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා වැඩකරන ජනතාවගේ නිදහසට එල්ල කිරීමට සූදානම් වන මාරක ප්‍රහාරයක් ලෙසටය.

ඒ අනුව අප රටේ සමස්ත වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි උත්සහයන් පරාජය කිරීමට කොන්දේසි විරහිතව එක්සත් වන ලෙසටය. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කිරීමට සූදානම් වන අධිකාරීවාදී පාලකයන්ට එරෙහිව නැගී සිටින ලෙසටය. එමෙන්ම එවැනි උත්සහයන් සාධාරණීකරණය කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ගයන් හි නිරත වන ඊනීයා සංවිධාන හා ඒවායේ කුමන්ත්‍රණකාරී පිළිවෙත රටට හෙළිදරව් කරන ලෙසටය.  



අදහස් (2)

‘වර්ජනය කිරීමේ අයිතිය මර්දනයට අයිතියක් නෑ‘

කිරි පුතා Tuesday, 01 February 2022 04:22 PM

මොන රජයකට වුණත්. අපේ රට කරන්න බෑ. වර්ජන කිරිල්ල හොඳටම වැඩියි. ඒවා නතර නොකර රටක් විදිහට හිස ඔසවන්න බෑ. විපක්ෂයේ ඉන්නකොට තමන්ට පුංචි වාසියක් බලාගෙන මේ වගේ හිස් වදන් දොඩවන එක සාමාන්‍යයෙන් ඔය කාගෙත් වැඩක්.

:       0       0

ජුණ්ඩප්පුවා Wednesday, 02 February 2022 04:01 PM

දේශපාලනිකව පාරාජිකා වූ කරුවල ජයසූරියට දේශපාලන කතාබහ තහනම්... බෑනජ්ජා රජ කරවීමේ පැලෑන ජනතාව විසින් ප්රතික්ෂේප කරනු ලැබ ඇත...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site