IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ව්‍යවසායකයන් සවිබල ගන්වන්නැයි සජිත් ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ලබාදී ඔවුන්ව සවිබල ගන්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමකට ලක් වුවත් ඒ කාලයේ සිදුවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොවීමත් පාස්කු ප්‍රහාරය, කොවිඩ් සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචක නිසා ඔවුන් අන්ත අසරණ තත්වයට පත්ව ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය.

රටේ ආර්ථික වර්ධනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් ලක්ෂ ගණනාවකට රැකී රක්ෂා ලබා දෙන ආර්ථිකයේ කොදු නාරටිය වූ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වා මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ක්‍රියාවට නංවන්න කාලය එලැබ ඇති බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (6)

ව්‍යවසායකයන් සවිබල ගන්වන්නැයි සජිත් ඉල්ලයි

මාම Monday, 28 July 2025 07:36 AM

රටට බරක් මේ මනුස්සයා.

:       4       15

JanakaTuesday, 12 August 2025 07:29 PM

ඒ පාර මොට්ටපාලයා ආයිත් පටන් අරගෙන " දෑත් සවිබල ගන්වන " කතාව. මීට කාලයකට කලින් ටී වී එකේ නිව්ස් එකක් බලන්න බැරුව හිටියේ මේ යකා යන යන තැන බෙරිහන් දිදී ගියේ " දෑත් සවි බල ගන්වනවා, දෑත් සවි බල ගන්වනවා " කිය කියා. මම ඇත්තටම හිතාගෙන හිටියේ මේ යකා රට පුරා ජිම් දාලා නොමිලේ සාමාජිකත්වය දෙන්න යනවා කියලා. නැත්තං මේ වගේ " කොට නම් කම්කරු උස නම් සිකුරුටි" මැන්ටලයකට "දෑත් සවි බල ගන්වන්න" වෙන විදිහක් නැහැ.

:       0       3

de silva Monday, 28 July 2025 09:10 AM

ඔබතුම දැනට සතියකට පමණ පෙර රජයට බල කරනවා සේවක පඩි වැඩි කරන ලෙස , අද කරන ප්‍රකාශයේදී ඔබතුම පිලිගන්නවා පසුගිය කලේ තිබු පාස්කු ප්‍රහාරය , කොවිඩ් සහ ආර්ථික කඩ වැටීම මත වියාපාර කඩාවැටී වියපරිකයෝ අඩපන වී ඇතිබව , ඔබතුම කතාකරන වෙධිකාවෙන් , වෙධිකාවට ගැලපෙන ලෙස ගැලරිය පිනවීමට ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරනවා නම් එතන විශාල අවුලක් තිබෙනවා නේද ? කරුණාකර හර්ෂ ද සිල්වා , කබීර් හෂීම් , එරාන් වික්රමරතන වැනි පක්ෂයේ ආර්ථික උපදේශකයන් සමග පක්ෂ අභ්‍යන්තරයේ සාකච්චාවක් කර පක්ෂයේ පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් හදාගෙන ඒකට අනුව අදහස් දක්වන්න , නිකන් හිතට එන එන දේවල් කියන්නේ නැතුව.

:       1       14

ravin Monday, 28 July 2025 12:08 PM

එතකොට අර බලෙන් අල්ලගෙන හිටින සැලෝන් එකටත් සපෝර්ට් එකක් හම්බවෙයිද? 

:       1       10

සෙනෙවිරත්න Monday, 28 July 2025 02:08 PM

මෙයාට ලණු දීලා, මොකද රජය ඔය පරාටේ නීතය බලගන්වන්නට කලින් එය අදාළ අයට සහන දීලා ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවස්ථාව දුන්නා, රටේ බැංකු පද්ධතියත් රැක ගන්න වෙනවා, මහ බැංකුවෙ වගකීමක් එය, මහ බැංකුව ස්වාධීනයි. ඒක නිසා ඔය කියන විදියටම වැඩ කරන්න බැහැ, ඒකට ඔයා ජනාධිපති වෙනකන් ඉන්න...

:       1       12

Perakum Liyanagama Friday, 01 August 2025 04:56 PM

අනේ ඔය මෝඩ පුතානෝ එක එක වෙලාවට කටට එන එන දේ කියවනවා. කවුරුත් ගණන් ගන්න එපා...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 183 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 373 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site