(සුමිත් ප්‍රේමතිලක)
හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීයකු අද පෙරවරුවේශාරීරික අභ්‍යාසවල නියැලෙමින් සිටී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි අගුරුවාතොට පොලිසිය පවසයි.
හොරණ, දොඹගොඩ, යුද හමුදා යුද උපකරණ බළකායට අයත්ව රාජකාරි කරන කපිතාන් බී. උපාලි ආනන්ද නමැති මිරිගම, වල්බෝතලේ , මහින්ද මාවතේ පදිංචිව සිටී 51 හැවිරිදි යුද හමුදා නිලධාරීයකු බව ද කියයි.
මියගිය හමුදා නිලධාරියා අද උදෑසන 6.50 ට පමණ තවත් සෙබළකු සමගින් ශාරිරික අභ්‍යාස වල නියැලෙමින් සිටියදී, ගල්පාත රෝහල ආසන්නයේ දී පපුව අල්ලාගෙන බිම වාඩිවී ඇති බවත්, පසුව ගල්පාත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd