( පුෂ්පකුමාර ජයරත්න )
ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේදී රජය මගින් පනවා ඇති නියමයන් කඩ කරමින් වැඩි මඟීන් සංඛ්‍යාවක් පටවාගෙන කුරුණෑගල සිට ඇතැම් ලංගම බස්රථ ගමන් කළ බවට වයඹ පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති දේශාන් සම්පත් වර්ණපුර මහතා චෝදනා කළේය .
පෞද්ගලික බස්රථ වල රජය නියම කළ ප්‍රමාණයට අනුව මඟීන් ප්‍රවාහනය කරමින් වයඹ පළාතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවලට පමණක් බස් ධාවනය සිදු කළද ලංගම බස්රථ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පිටතටද මඟීන් ප්‍රවාහනය සිදු කළ බවටද සභාපතිවරයා පෙන්වා දුන්නේය .
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල ප්‍රධාන බස්රථ නැවතුම්පොළ බාර ලංගම නිලධාරියෙක සඳහන් කළේ ලංගම බස් සේවකයින් කීප දෙනෙකු පමණක් පමණට වඩා මඟීන් ප්‍රවාහනය සිදුකර ඇති බවය . ලංගමට මේ අවස්ථාවේදී අවශ්‍ය ලාබ ඉපැයීම නොව අසීරුවට පත්ව සිටින ජනතාවට සහනයක් ලබාදීම බවද එම නිලධාරියා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වයඹ ප්‍රවාහන අධිකාරියේ සභාපතිගෙන් ලංගමට චෝදනා