(පුෂ්පකුමාර ජයරත්න සහ අජන්ත රත්නායක)
වසර එක හමාරකට පසුව පාසල් යළි විවෘත කිරීමට යන අවස්ථාවේදී පාසල්වලට නොපැමිණෙන ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවීමට පියවර ගන්නා බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පැවසීය.
පාසල් විවෘත කිරීමේ කටයුතුවලට බාධා කරන සහ විරුද්ධව ක්‍රියා කරන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
පාසල් විවෘත කරන්නේ 21 වැනිදා වුවත් ගුරු සංගම් පවසන පරිදි ගුරුවරුන් පාසලට පැමිණෙන්නේ 25 වැනිදා බව කී ආණ්ඩුකාරවරයා එම යෝජනාව හකුලාගෙන 21 වැනිදාම පාසලට පැමිණෙන්නට සිතුවොත් හොඳයි යනුවෙන් ද කීවේය.
රාජා කොල්ලුරේ මහතා මේ බව පැවසුවේ කුරුණෑගල වැව රවුමේ පිහිටි ආණ්ඩුකාර නිල නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පාසල්වලට පැමිණ විනය විරෝධී ක්‍රියා කරන්නට කිසිවෙක් හෝ උත්සාහ කළහොත් එයට ඉඩනොදෙන බවත්, පාසල් විවෘත කිරීමට විරුද්ධවීම දේශද්‍රෝහී, සාපරාධී මෙන්ම ජනතාද්‍රෝහී ක්‍රියාවක් බව ද පැවසීය.
මෙය රටේ පාසල් දරුවන්ගේ අනාගතය පිළිබඳව කටයුත්තක් මිස වෙනත් ප්‍රශ්නයකට සම්බන්ධ කාරණයක් නොවන නිසා පාසල් යළි විවෘත කිරීමේ කටයුතුවලට රටේ සියළුම ජනතාවගේ ආශිර්වාදය හිමිව ඇතැයි ද පැවසීය.
කම්කරු නීතිය අනුව වර්ජනයක් පවතින අවස්ථාවේදී වර්ජකයන්ට වැටුප් ගෙවන්නේ නැති බවත්, වර්ජනයෙන් පසුව අවශ්‍ය නම් වැටුප් ලබා ගැනීමට හැකි බවත්, එය තමන් නීතිඥවරයකු ලෙස දන්නා බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතනින්ම පේනවා ආණ්ඩුව ගුරු සංගම් ඉදිරියේ මොන තරම් අසරණ වෙලාද කියලා! පවු ඉතින්...
කියපු එක ආපස්සට ගන්නේ නැහැනේ?
වයඹ නෙවෙයි රට පුරාම වැඩට නොඑන සියලු ගුරු භවතුන්ගේ පඩි කැපිය යුතුයි. අවුරුදු එක හමාරක් නිකම්ම පඩි අරගත්තා ඇති.
රටේ ජාතික ආරක්ෂාව, සෛරීභාවය අගාදයට දාපු ආණ්ඩුවක් තියාගෙන දරුවන්ගේ අධ්‍යාපනය ගැන කිඹුල් කඳුළු හෙලීම හාස්‍යජනකයි
එහෙම හිතු මනාපෙට පඩි කපන්ඩ ඔයා හිතාගෙන ඉන්නේ කවුරු කියලද?
කම්කරු නීතිය සමහරු දන්නෙ නැහැ. දැනගන්නත් එක්කම ඕක ක්‍රියාත්මක කරන්න .
ගුරුවරුනි ඊළග ඡන්දෙදිත් කාට හරි කඩේ යන්න. ගම්වල අහිංසකයින් රවටලා වංචනිකයන්ට ඡන්දේ අරන් දෙන්න පෙරමුනේ හිටියේ ගුරුවරු.
විදුහල්පතිවරයෙක් මේ දිනවල පුම්බනවා. හැබැැයි එයාට වැරදුණු දවසට තනි වෙනවා. කවුරුත් නැහැ. අප රටේ වෘත්තිය සමිති එහෙමයි.
මේ ගැටලු දිග්ගැස්සීමට කරන ප්‍රකාශ.
ගුරුවරුන්ට තම තමන්ගේ තරාතිරම ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා හැම කෙනාම ගුරුවරුන්ගේ ඔලුවට අත හෝදන්න හදනවා. ආණ්ඩුකාර තනතුර දැන් ගෞරවනීය තනතුරක් නොවෙයි. ඒක පැහැදිලිවම දේශපාලන පත්වීමක්. ඒ නිසා ස්වාමියාගේ අණට කීකරු නොවී බැහැ. ඒත් මතක තියා ගන්න ගුරුවරු සමග සෙල්ලම් කරන්න හදන්න එපා. සමස්ත පරම්පරාවකගේම අනාගතය තියෙන්නෙ දේශපාලකයින් අත නොව, ගුරුවරු අත බව.
ලැජ්ජා වෙන්නේ සමිති නායකයින්ට පලු පැලෙන්න බනින තම වෘත්තිය ගරුත්වය රුපියල් සත වලට හුවමාරු නොකරන අවංක ගුරුවරුන් තර්ජන මගින් නැවත සමිති ඔඩොක්කුවට තල්ලු උනාම
පඩි කපලා අහු වෙන්න එපා
අනිවාර්යයෙන්ම. ඕනතරම් මිනිස්සු ඉන්නවා ඔය රස්සාවට ආදරේ
අපූරුයි. ඉතා හොඳයි. සතයක්වත් දෙන්න එපා. ඔවුන් වර්ජනයේ යෙදී සිටියදී වැටුප් කප්පාදුවක් ලබා ගන්න. මාස 3 ක වැටුපක් සහ එම මුදල් කොවිඩ් රෝගීන් සඳහා භාවිතා කිරීම හෝ එම මුදල් දුප්පත් සිවිල් වැසියන් සඳහා පරිත්‍යාග කිරීම. ඔවුන්ට හොඳ පාඩමක් උගන්වන්න.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකුගෙන් තර්ජනාත්මක පණිවිඩයක්!
චික් විතරක්, මේ වාමාංශිකයෙක්ද. ඇන්ඇම්, කොල්වින්ගේ පයට පෑගුණු දූවිල්ලක් තරම් වත් වටින්නේ නැහැ.
මෝඩයා නොවී, කට වහගෙන හිටිය නම් යොදයි. අපි දන්නවනෙවැ ආණ්ඩුකාරවරුන්ගේ හැටි.
වැඩකරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන කතාකරන කොමියුනිස්ට් මතධාරියෙක් ගුරුවරුන්ගේ පඩිකැපීමට සැරසෙයි. බොරු සමාජවාදීන්.
වයඹ ආණ්ඩුකාරවරයා වෙනස් කරනවා කියලා වත් කීවද මන්දා.... මම අද තමයි මෙතුමා වයඹ ආණ්ඩුකාවරයා කියලා දන්නේ...
මරේ මරැ, හරිම ෂෝක වාමාංශිකයෙක්. වැඩට නොඑන සේවකයන්ගෙ වැටුප් නතර කරන්න ආණඩුකාරවරැන්ට කොහේද බලය දීල තියෙන්නෙ. ඔබතුමා කොහොම හරි ආණ්ඩුකාර පදවිය ආරක්ෂා කරගන්න. ගුරැභවතුන් කියන්නේ කම්කරුවන් නොවෙයි. පිදුමට සුදුසු එකම වෘර්තිකයන් තමයි ගුරැ භවතුන්. ආණඩුකාරයින්ට කිසිවෙක් වදින්නේ නැහැ. ඒත් ගුරැභවතුන්ට තැන නොතැන බලා දරුවන් වදිනවා.
බුදුන්ට හැර භවතා කියල ආමන්ත්‍රණය කරන එකම පිරිස වන්නේ ගුරැ වරැන් පමණයි.ඒකයි ගුරැ භවතා කියල කියන්නේ. ජනාධිපති භවතා,අගමැති භවතා,ඇමති භවතා,පුරපති භවතා,දොස්තර භවතා කියල කාටවත් කියන්නේ නැහැ.ඒ නිසා ගුරැවරැන්ට අපහාස කරන්න එපා.මොකද මමත්,මගේ පියාත්,මගේ බිරිදත් ඇතුලු පවුලේ බොහොමයක් පිරිස ගුරැභවතුන්.ගුරැ සටන දිනේවා.
ගුරුවරුන්ට ලැබෙන්නෙ හරිම සොච්චන් පඩියක්...පුටුවල ඉදගෙන සිතකාමරවලට වෙලා මිලියන ගනනින් පඩි ජනතා ජනතා දනය විනාශ කරන මොන තරම් පිරිසක් මේ රටේ ඉන්නවද....? එහෙම බලද්දි ගුරුවරුන්ගෙ ඉල්ලීම සාධාරණයි....හැබැයි ඔවුන් ඒ ඉල්ලීම වෙනුවෙන් විරෝධය පාන්න පුංචි අසරණ ළමයින්ව යොදාගත්ත එක්ක තමයි ඔවුන් කරපු ලොකුම අපරාධය.....මේදෙයන්උනේ ඔවුන්ගේ ඒ සාධාරණ ඉල්ලිමේ වටිනාකම දියාරු වීම....මම හිතන්නෙ මීට වඩා බුද්ධිමත් අයුරින් ඔවුන්ට ක්‍රියාත්මක වෙන්න තිබුණ...අද වෙද්දි බොහෝ ලමයින්ගේ වෛරයක් ගමන්ට සිප් සතර උගන්වපු ගුරුවරුන් කෙරෙහිඇති වෙලා...අවසානයට බලද්දි පාලකයන්ටත් ඕන කලේ මේ දෙයම තමා.... මෙහෙම ගියොත් මම හිතන්නෙ නිදහස් අධ්‍යාපනයටත් කණකොකා හඩන දවස වැඩි ඈතක වෙන්නෙ නැති වෙයි... මොකද ගුරුවරුන් ගන්නා මේ මොඩ ක්‍රියාමාර්ගවලින් පෞගලික පාසැල් දහස් ගනනින්මේ රටේ ඉදිරියෙදි ඇති වෙන එක නවත්වන්න කාටවත්ම බැරි වේවි...
දෙස්පාලුවා තුල සැගවී සිටින මී හරකා එලියට ගැනීමට නම් මයික්රෝපෝන් එකක් මූ නට ඇල්ලීම ප්මාණවත් ය . දැන් ඕක ඇති මාස දෙකක් වර්ජනය කරන්න . .දෙපැත්තේ උන්ගේ ලොකුකම් නිසා රටේ අධ්‍යාපනය විනාශ වන හැටි
කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 (මාස 3 1/2) ඉක්මවා අඛණ්ඩ වර්ජනයක් කර ගීනස් වාර්තාවක් තබා ඇත. මෙවන් ව්‍යසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සදහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.
මෙම අරගලය සාධාරණීය කරනුයේ, "ගණිත, විද්‍යා, තාක්ෂණික" විෂයන් සඳහා දක්ෂ ගුරුවරු සොයාගැනීම පවතින වැටුප් තල යටතේ අපහසු බවයි. මේ බව වාර්ෂික විද්‍යා පීඨ බදවාගැනීමේ ලකුණු විශ්ලේෂණයෙන් දැක ගත හැක. සෑම ගුරුවරයකුම එකම වැටුප් තල වල තබා වැටුප් වැඩි කලද ඉහත ගැටලුව නොවිසදේ. මෙම ගැටලුව නිවැරදිව විසදීමට නම් උගන්වන විෂය, අධ්‍යාපන සුදුසුකම්, ඉගැන්වීමේ කුසලතා (ගෝලයන්ගේ විභාග ප්‍රතිඵල) අනුව තාක්ෂණිකව විශ්ලේෂණය කර නව වැටුප් තල හදුන්වා දිය යුතුයි. සේවා කාලය පමණක් සලකා යොදන පැලැස්තර විසදුම් නිසා කිසිදා සත්‍ය ගැටලුවට විසදුම් නොලැබේ. රජය කල යුත්තේ නිවැරදි ගැටලුව සමාජ ගතකර එයට නිවැරදි විසදුම් ක්‍රමවත්ව ලබාදීමට උත්සහ කිරීමයි.
අවුරුදු 2ක් පාසැල් වහලා බටහිර බෙහෙත් විකුණගන්න මාර්කට් එක හදලා දැන් බොරුවට පඩි කපන්න හදනවා .අදටත් බොරු ප්‍රශ්නයක් අල්ලන් පාසැල් අරින එක පරක්කු කරනවා. ඔය හැමදේකටම පිටුපස ඉන්නේ ඔන්ලයින් ඉන්ටර්නෙට් කම්පැනි .පාසැල් ඇරියොත් ඔන්ලයින් වලට එපාවෙනවා .එකයි ඔය ගුරු හොරු සහ ආණ්ඩුව එකතුවෙලා මේ බොරුව ජනතාවට කරන්නේ
ආණ්ඩුකාරතුමනි,ගුරැවරැන්ගේ කෂේරැව කඩන්න ලැහැස්ති වෙන්න එපා.එසේ කලහොත් ජාතියේ කශේරැව කැඩෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.