
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු රජයේ අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් පෙරේදා(08) දිනයේ පමණක් එරට දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් 1400 ක් අවලංගු වී තිබූ බවත් තවත් ගුවන් ගමන් 6000 ක් ප්‍රමාද වී තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය 7 වැනිදා ඇමෙරිකාවේ දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් 7000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී තිබිණි.
පසුගියදා අයවැය පරාජයට පත්වීමත් සමග සේවක වැටුප් ගෙවීම් ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ප්‍රතිපාදන නොමැතිව එරට රජය අකර්මණ්‍ය විය.
ඒ සමග වියදම් ඉතිරි කර ගැනීම සඳහා ගුවන් ගමන් කප්පාදු කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයට දැනුම් දී තිබිණි.
එම දැනුම්දීම අනුව යමින් ඇමෙරිකාවේ කාර්ය බහුලම ගුවන් තොටුපොළවල් 40 ක ගුවන් ගමන් ධාරිතාව සියයට 10 කින් අඩු කරන බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ප්‍රකාශ කළේය. රජයේ කටයුතු අකර්මණ්‍යවීමත් සමග ගුවන් ගමන් මෙහෙයවන්නන් රාජකාරි කටයුතු සිදු කරන්නේ වැටුප් නොමැතිව වීම ගුවන් ගමන් කප්පාදු කිරීමට හේතුව විය.
පසුගිය ඔක්තෝබර් 1 වැනිදා ඇමෙරිකානු රජය අකර්මණ්‍ය වූ අතර වර්තමානය වනවිට ඇමෙරිකානු රජයේ සියලුම කටයුතු ඇනහිට දින 39 ක කාලයක් ගතවී ඇත.
තවමත් රජයේ කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා රජයේ වියදම් සම්බන්ධයෙන් රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වියදම් නැතිව ඇමෙරිකා ගුවන් ගමන් 1400ක් නවතී
අබා Sunday, 09 November 2025 02:41 PM
තව ලොකු ලොකු රටවල් වල ලේ වැගිරීම් වෙන්න ද මේ පාර කැපෙන්නේ.. අපේ රටත් බීජ ටික හදලා කෘෂි කර්මාන්තයෙන්වත් ස්වයං පෝෂිත කරගත්තොත් හොදයි ඒ සෙල්ලම් පැත්තක තියලා...
MD Sunday, 09 November 2025 02:43 PM
පලස්තීන දරුවන්ගේ සාපය කොතරම්ද යයි නිගමනය කළ නොහැක. ඩොනල්ඩ් සාහසිකත්වයට පත්වෙලා. මාලිමා කබ්බන් වගේ බොරුවෙන් ලොවම රවටනවා තර්ජනය කරනවා. ඔය පටන්ගත්තා පමණයි ට්‍රම්ප්....
අබා Sunday, 09 November 2025 02:45 PM
ඉන්දියාවේ හිගන්නන්ට බැරිද දන්නෑ ආධාර කරන්න..
de silva Sunday, 09 November 2025 03:45 PM
අධික තීරු බදු ගැහුවාම ආර්ථිකය සංකෝචනය වෙනවා. එකේ ප්‍රතිඵල තමා ඔය, සමහරවිට ට්‍රම්ප්ට වසර 4 ධූර කාලේ සම්පූර්ණ කරගන්න පුළුවන් වේවිද කියලත් ප්‍රශ්නයක් තිබෙනවා...