
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ඇවරිවත්ත නගරයේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් මාරු කිරීමට තැත් කරමින් සිටි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඊයේ (26) රාත්‍රීයේ කටුනායක පොලීසියේ නිලධාරීහු පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මොහු කොළඹ, වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි, 35 හැවිරිදි මත්ස්‍ය ව්‍යාපාරිකයෙකි .
මොහු ඊයේ (26) රාත්‍රීයේ කටුනායක, ඇවරිවත්ත නගරයට පැමිණ, ව්‍යාජ රුපියල් 1,000 නෝට්ටුවක් ලබා දී භාණ්ඩ කීපයක් මිළදී ගැනීමට තැත් කිරීමේදී, එම ව්‍යාපාරිකයාට ඇති වු සැකය මත, මේ පිළිබඳව කටුනායක පොලීසිය දැනුවත් කර තිබේ .
වහාම ක්‍රියාත්මක වූ කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසෙ, එම ව්‍යාපාරික ස්ථානයට පැමිෙ, මෙම මුදල් නෝට්ටුව පරීක්ෂා කර බල, ඒවා ව්‍යාජ මුදල් නෝට්ටුවක් බව තහවුරු වීමෙන් පසුව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ .
ඉන්පසුව වැඩිදුරටත් ඔහුව පරීක්ෂා කර බැලීමේදී, ඔහු හැද සිටි කොට කළිසමේ සාක්කු තුළ තිබී තවත්, ව්‍යාජ රුපියල් 1,000 නෝට්ටු පහක්ද සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
ඊට අමතරව අද (27) උදෑසන කටුනායක, ඇවරිවත්ත නගරයේ තවත් ව්‍යාපාරික ස්ථානයකට මොහු විසින් ලබා දී තිබූ තවත් ව්‍යාජ රුපියල් 1,000 නෝට්ටුවක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එසේම මොහු සතුව තිබූ පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් ද අද (27) පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .
මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය තමන්ට පොළොන්නරුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන්, කොළඹ දී ලැබුණ බව මොහු කටුනායක පොලීසියේ නිලධාරීන් හමුවේ මූලික විමර්ශන වලදී අනාවරණය කර තිබේ .
ඉන් අනතුරුව මෙම සැකකරු සහ ඔහු සන්තයෙහි තිබූ මෙම ව්‍යාජ රුපියල් 1,000 මුදල් නෝට්ටු තොගය, වැඩිදුර විමර්ශන කටයුතු සදහා, කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd