මනෝප්රිය ගුණසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතාට එරෙහි නඩුව තමන් විභාග කිරිම සුදුසු නොවන බව සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුව සුදුසු අධිකරණයට යොමු කිරිම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා වෙත යොමු කළේය.
ඇමැතිවරයකු ලෙස කටයුතු කළ සමයේ සිය වත්කම් හා ආදායම් වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපලවල හිමිකරුවන් සිටීම සම්බන්ධයෙන් වන නඩුව මෙලෙස වෙනත් අධිකරණයට යොමු කෙරිණි.
විකුම් කළුආරච්චි මහතා බරතපල දුෂණ විමර්ශන කිරිමේ කොමිසමේ සාමාජිකයකු ලෙස කටයුතු කළ හෙයින් එම නඩුව තමන් විභාග කිරිම නුසුදුසු බව සඳහන් කරමින් නඩුව සුදුසු අධිකරණයට යොමු කිරිම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වෙත යොමු කළේය.
එම කරුණු සැළකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා මෙම නඩුව විභාග කිරිම සඳහා ශෂි මහේන්ද්‍රන් මහතා වෙත යොමු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මගේ පුරවැසි බලතල අනුව මේ ගැන මතයක් පළ කිරීම සුදුසු නොවන බව මගේ මතයයි.
විනිසුරු තුමාට රටේ සිද්ධ වේගෙන යන දේවල් දැකලා හීන් දාඩිය දාලද? ඔහොම යමු. තව තව අරුම පුදුම දේවල් වැඩි කල් නොගොස් බලා ගන්න ලැබෙයි.
ඔන්න අලුත් අගමැති ගෝලයොත් වැඩ අල්ලන්න පටන් අරන්... මොනවා වුණත් එකම දේ තමයි සිද්ද වෙන්නේ..
හපෝ තව නඩු කීයක් ඔය විදියට වෙයිද?
වෙනස සැපද?
රජ්ජුරුවන් තනිවෙලා වගේ... මේ දවස්වල හෙවනැල්ල... වගේ ළඟින් හිටියා. කට්ටිය කෝ අයින් කෙරුවද? නැතිනම් ස්ථිර පත්වීම ලැබෙනකම් නිශ්ශබ්ද කෙරුවද? ඒ වගේවැඩක් තමයි වෙලා තියෙන්නේ... අගමැතිට. දෙන්නේ. එක දවසයි කිව්වා. මන්දිරය බාරදුන්නේ. නැතිනම් හොඳ වැඩක් කරනවා කිව්වා. එදා ඉදන් අතුරුදහන් රජ්ජුරුවන් දැනගත්තා.