(රෝෂන් තුෂාර)

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි කියන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 18වැනි දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද දින නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සාක්ෂිකරුවන් දෙදෙනකුගේ සාක්ෂි කැඳවීමට අපේක්ෂා කරන බවට කුරුදුවත්ත පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ වැඩිදුර විභාගය සඳහා දින නියම කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම්කර සිටින. විමල් වීරවංශ,ජයන්ත සමරවීර,වීර කුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ මොහොමඩ් මුසාමිල් අධිකරණයේ පෙනී සිටී අතර රොජර් සෙනෙවිරත්න යන අය අසනීප තත්ත්වයේ පසුවන බවට කරුණු ඉදිරිපත් කෙරිණි.