(මනෝප්‍රිය ගුණසේකර)
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශයට පත් කළ ‘නැත්ත වෙනුවට ඇත්ත’ පොත මඟින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ උල්ලංඝණය කළැයි රුපියල් මිලියනයක වන්දියක් ටිල්වින් සිල්වා මහතාට ගෙවන ලෙස නියම කරමින් කොළඹ වාණිජ මහාධිකරණ නියෝගයට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ මහතා අභියාචනයක් අද (24) ඉදිරිපත් කළේය.
වාණිජ මහාධිකරණයේ ඉවත දමා අදාළ නඩුවෙන් තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑල කොළඹ වාණිජ මහාධිකරණයේ ලේඛාධිකාරීවරයාට බාර දුන්නේය.
නඩුවේ වගඋත්තරකාර පාර්ශවය වු තමන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු නිසි ලෙස අධ්‍යනය නොකර මෙම තීන්දුව ලබාදී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර විමල් වීරවංශ මහතා වාණිජ මහාධිකරණයේ තීන්දුව ඉවත දමා තමන් නිදහස් කරන්නැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අදාළ අභියාචනය මඟින් ඉල්ලීමක්ද කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ නැති කට විතරක් තියෙන අයට හොඳ පාඩම්
මෙයාට ජනාධිපති සමාවත් නැද්ද? ආපහු පැය හතරක මාරාන්තික උපවාසයක් ඉඳීවිද?
ඒ අදහස කාගෙන්ද දන්නේ නැහැ... හොරකම් කර ගන්න ඇත්තේ?
අවුරුදු 10 කට පසුව නේද තීන්දුව දුන්නේ? එහෙනම් කොහොමද මොහු කියන්නේ අධිකරණය හරියට අධ්‍යයනය කර නැහැයි කියා? සිංහයෝ වගේ දඟලලා කිච වුණාම නරි ගානට වැටෙනවා නේද..?
මෙයාට සමාවක් දෙන්න එපා
මෙයාට පොත් ගැන හොඳ දැනුමක් තියෙනව. ' මහල්ලා සහ මුහුද ' පොත ලිව්වෙ කව්ද කියල හරියටම කිව්වනෙ.
හැබැයි මෙයාට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන නම් පොත් ඕනෑතරම් ලියන්න පුළුවන්. ඒ ගැන ප්‍රවීන දැනුමක් නම් තියෙනවා.