(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගයේ පරිපාලන රාජකාරිවල නිරතව සිටින නිලධාරීන්ගේ දීමනා බරපතල ලෙස කප්පාදුකර කිරීමට විරෝධය පළකරන බවත් වගකිවයුතු ගුණාත්මක ඇගයීම් සේවාවක් පවත්වාගැනීමට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන්නොකරන්නේ නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු සංගම් ඒකාබද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ලංකා ගුරුසේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
අපොස උසස් පෙළ විභාගයේ පරිපාලන රාජකාරිවල නිරතව සිටින ශාලාධිපති, සහකාර ශාලාධිපති සහ නිරීක්‍ෂක ඇතුළු කාර්යමණ්ඩලවලට අවම වශයෙන් මෙතෙක් ගෙවූ දීමනාව හෝ මෙවර ද ගෙවීමට පියවර ගතයුතු බව කියන ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ‘කොවිඩ්’ වසංගතය හමුවේ පෞද්ගලික ආරක්‍ෂාව පිළිබඳව අවදානමක් තිබියදී ගුරු ක්ෂේත්‍රයේ නිලධාරීන් විභාග රාජකාරිවල කටයුතු කරන බව ද සඳහන් කරයි.
විභාග රාජකාරිවල නිතර වූ ගුරු ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ දීමනා පසුගිය වසරේ ද බරපතල ලෙස කප්පාදු කර තිබූ බව කියන ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මෙවර ද එය ඒ ආකාරයෙන්ම සිදුවුවහොත් ජාතික ඇගයීම් සේවාව අභාග්‍ය සම්පන්න තත්වයකට පත්විය හැකි බවට අනතුරු හඟවයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
විභාග දීමනා කැපුවොත් තීන්දුවක් ගන්නවා