(අජන්ත කුමාර අගලකඩ)
විපක්ෂයක් ලෙස ශක්තිමත්ව කටයුතු කරමින් ඉදිරි මැතිවරණවලට මුහුණදීම සඳහා පුළුල් පෙරමුණක් ගොඩනැගීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව අද (24) තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද උදෑසන පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
එම පුළුල් පෙරමුණ ගොඩනැගීමට අදාළ කටයුතු සැලසුම් කිරීම සඳහා වෙනම කමිටුවක් ද එහිදී පත්කර ඇත.
නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහින්ද අමරවීර, ෂාන් විජයලාල් ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් මෙම කමිටුව සඳහා පත් කර ඇත.
සන්ධානය නියෝජනය කරන පක්ෂවල නායකයින් ද නව කමිටුව නියෝජනය කරන අතර එහි කැඳවුම්කරු ලෙස මහින්ද අමරවීර මහතා කටයුතු කරන බව සන්ධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම කමිටුව දෙසැම්බර් (27) රැස්වීමට නියමිත බවද ඔහු පැවසීය.
රට සුරකින පුළුල් ජාතික පෙරමුණක් ලෙස මෙම නව පෙරමුණ ගොඩ නගන බවද හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වෙනුවෙන් වෙහෙසවීමත්, කාලය යෙදවීමත් තේරුමක් නැති වැඩක් වෙනවා. ඔක්තෝම්බර් 26 දිනට පස්සේ ඔහෙලගේ දේශපාලන කලාව මොකක්ද කියලා රටේ ජනතාව හොඳට අවබෝධ කරගෙනයි ඉන්නේ.. කොහොම කණ්ඩායම් හැදුවත් ඡන්දෙන් පරදිනවා ...
ශක්තිය වැඩිවීම සඳහා හැමදාම හවසට සේනා දළඹුවා සමග ආප්ප කන්න.
"ශක්තිමත්ව මැතිවරණවලට මුහුණදීමට.." යන්නෙන් ගම්‍ය වන දෙය හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා හා සමාන දෙයකි. එහෙම නැත්නම් මුට්ටිය දැමීමේ න්‍යාය අනුගමනය කිරීමක් වැනි දෙයක්... වසර 50 ක පමණ කාලයක් දේශීය හා විදේශීය දේශපාලනය හා සම්බන්ධව කටයුතු කළ කෙනෙක් ලෙස අප දකින්නේ පක්ෂ ප්රතිසංවිධානයේ ප්‍රමුඛත්වය දිය යුත්තේ මැතිවරණවලට මුහුණ දීම නොව දැවෙන ප්‍රශ්නවලට පිළියම් සෙවීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමටයි. දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂ අතර වෙනස ජනතාවට හඳුනාගත හැක්කේ මේ කියන ජාතික ප්‍රතිපත්ති මොනවාද? යන්න පැහැදිලිව ප්‍රකාශයට පත් කිරීමෙන්. මුල්ම අවධියේ එජාපය හා ශ්‍රී ලංනිපය (මහජන එක්සත් පෙරමුණ) දේශීය හා විදේශීය ප්රතිපත්තිවල යම් පැහැදිලි වෙනසක් දකින්නට ලැබුණා. ඊට පසු යුගවල පක්ෂවල වෙනස පක්ෂයේ නම පුවරුවට හා වර්ණයට සීමා වුණු බව පෙනුණා. දූෂණය, වංචාව ප්‍රධාන පක්ෂවල දෛනික න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබුණා. ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවන් ආසන සංවිධායකවරු බවටද පත්වුණා. මහමැතිවරණ අපේක්ෂකත්වයට තිබිය යුතු ප්‍රබලම සුදුසුකම් ලෙස මුදල් හා ඥාතිත්වය පෙරමුණට පැමිනුණා..
නැතුව? දැන් එම පක්ෂය (එජනිස) වැටිලා තියෙන මඩ ගොහොරුවෙන් ගොඩවීම සඳහා එහෙම නොකර වෙන මොනොවා කරන්නද?