
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමන් කරන්න හිටපු දේවල් මේ ආණ්ඩුව විසින් කරලා යැයි විපක්ෂයේ හිත් හොඳටම රිදී ඇති බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"අපේ පළවෙනි අවුරුද්ද වැඩිපුරම ගත කළේ ආර්ථිකයේ ස්ථාවර බව ආරක්ෂා කර ගැනීම සඳහායි.අපි බලයට එන අවස්ථාවේදී අපේ ආර්ථික ප්‍රතිපත්තියේ ඉතා පැහැදිලිව පැවසුවා.ජාජබ ආණ්ඩුව ඉතා කෙටි කලකින් කඩා වැටීමට ලක්වන බව අද විපක්ෂයේ සිටින උදවිය එදා දුර්මතයක් ගෙන ගියා. ඒ නිසා අපට කිසිදු වරදක් නොවී ආර්ථික ස්ථාවර බව අඛණ්ඩව ගෙනයාමේ වගකීම තිබුණා.පළමු වසරේදී අප ඇතිකරගත් මූල්‍යය විනය සම්බන්ධයෙන් ඇත්තෙන්ම අපට ආඩම්බරයි.විපක්ෂයේ කතාවල සාරය ගතහොත් ඔවුන්ට ඇත්තේ වත්මන් රටේ තත්ත්වය ගැන නොසතුටක් නොවේ.බදු ආදායම්, සංචාරක ආදායම් ඉහළ ගිහින් තියෙනවා. සමස්තයක් ලෙස ගත් විට අප කරලා තියෙන දේවල් ගැන කියන්න දෙයක් නැහැ.ඔවුන්ගේ පොදු හිත් රිදීම වන්නේ ඔවුන් කරන්න හිටපු දේවල් මේ රජය කරනවා කියන එකයි.තමන්ට කරගන්න බැරි වෙච්ච දෙයක් තව කවුරු හරි කරද්දි මේ අයට හිත රිදිලා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්මාලි, බදු ආදායම් වැඩි උනේ වාහන් ආනයනය නිසයි.විදේසිකයො කොහොමත් ආව ලන්කාවට.ඒව ඔයාලගෙ හපන්කම් නෙවෙයි.අනුන්ගෙ ඩ්ගරුවන්ට උප්පැන්න දෙන්න එපස්.පෝලිම් නැති කලේ රනිල්.ආර්තිකයට පන දුන්නෙ රනිල්.චන්දෙදි රනිල්ට අයිඑම්එෆ් එකට බැන්නට ඔහේල අද කරන්නෙත් ඒවම තමයි. ඔහෙර්ල ඔච්චර කෙරුමො නම් බඩු මිල අඩු කරගන්න බැරි ඇයි.සාමාන්‍ය මිනිස්සුන්ට කෝ සහන්.150 පෙට්‍රෝල්කෝ? අද කාන්චනගෙ සාක්කුවට යන්නෙ නැති නිසා කාගෙ සාක්කුවටද ඒව යන්නෙ?
මේ කතාව සංශෝධනය වෙන්න ඕන. විපක්ෂය කවදාවත් මේ ආණ්ඩුව මේ වගේ ජනතා හිතවාදී දේවල් කරයි සහ කරන්න පරන්න පුලුවන් වෙයි කියලා හිතුවේ නැති වුනාට දැන් වෙන දේවල් එක්ක කටඋත්තර නැතිවෙන්නම යන හින්දා හිත් රිදිලා නෙවෙයි හිත් නන්නත්තාර වෙලා තියෙන්නේ.
අර කළින් ආණ්ඩුවලත් හිටියනේ ඒ ආණ්ඩු කාපු අය. මේ ඉන්නේ මේ ආණ්ඩුවේ එහෙම එක්කෙනෙක්.
මේ රට විනාශ කරන්න මහා පරිමාණයෙන් කුඩු ගෙන්නලා බෙදාහරින්න කිසිම විපක්ෂ දේශපාලන කණ්ඩායමක් ක්‍රියා කරලා නෑ. ජාතික කුඩු බලවේග ආණ්ඩුව ඒක කරනවා. ඒ ගැන සියලු ජනතාවගේ හිත රිදිලා තියෙන්නේ.
ඔය බෙරිහන් දෙන විපක්ෂයේ අය කරපුවා අපි නොදන්නවා නොවෙයි. දූෂිතම පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගාගෙන පොරක්වෙන්න හදනවා. අයවැයෙන් වැඩිම කොටසක් වෙන්කර ගත්තේ පව්ල් පාලන ආණ්ඩුවේ අයගේ සුඛ විහරණයට. බල්ලන්ගේ කෑම වල මිළ අඩු කරලා ජනතාව මත බර පටවලා, අන්තිමට රටම කාබාසිනියා කෙරුවා...
ලක්මාලි මහත්මිය මටත් උසාවි නියෝගයක් ලැබිලා තිබෙනවා අනවසර ඉදිකිරීමක් ඉවත් කරගන්න කියලා, බැරිද නගර සභාවේ නිලධාරීන්ට නියෝගයක් දෙන්න ඒක මාස 2-3 යනකම් ක්‍රියාත්මක කරන්න එපා කියල ?
ඔව්.... විපක්ෂට හිත රිදිලා තමයි.. ඉස්සර විපක්ෂයේ කට්ටියගේ ගිණුම් වලට ගිය කොමිස් සන්තෝසම් හා අත යට ගනුදෙනු දැන් යන්නේ පැලවත්ත එකවුන්ට් එකකට නිසා.......
තව අවුරුද්දු 10 ,15 වත් මේ ආණ්ඩුව තිබෙනව. සජිත් හෝ නාමල් හෝ වේන කවුරු පුළුවන්නම් මේ ආණ්ඩුවට වඩා හොද වෙන්න බලන්න.. එතකොට රටේ ජනතාව ඔයාලට බලය දේයි.. එහෙම නැත්නම් ඉතිං සොරීම තමයී....
පචමාලි
මේ මන්ත්‍රීවරිය කතා කරන්නේ කටින්ද ?