
(අංජුල මහික වීරරත්න)
ප්රජාතන්ත්රවාදය ,නීතියේ ආධිපත්‍ය සහ ජනතාවගේ පරමාධිපත්‍ය රැක ගනිමු යන තේමාවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ කොළඹදී අද රැස්වූහ.
ඊට සුබ පැතුම් පණිවිඩයක් එවමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ වර්තමානයේ මතුවී ඇති අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට නම් අනිවාර්යයෙන්ම විපක්ෂයේ පක්ෂ එකමුතු විය යුතු බවයි.එකමුතුව ජය ගන්නවා හැර වෙන විකල්පයක් නැති බවද රනිල් වික්‍රමසිංහ මහතා එම සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කළ අතර එජාප මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය එම සුබ පැතුම් පණිවිඩය ඉදිරිපත් කළේය.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසූයේ සියලු පක්ෂවල අනන්‍යතාවය සම්පූර්ණයෙන් සුරක්ෂිත කරමින් උග්‍ර බරපතල දේශපාලන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙලක දැඩි අවශ්‍යතාවයක් තිබෙන බවයි.
එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසූයේ නොහැකියාවෙන් පෙළෙන ආණ්ඩුව හැකියාවක් ඇති මිනිසුන් දඩයම් කරමින් සිටින බවයි.
මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
(ඡායාරූප:- ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd