
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මීගමුව බන්ධනාගාරයේ සිද්ධියට විරෝධය පළ කිරීම මෙන්ම එය හෙළා දැකීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතර පිරිසක් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභාගර්භයට අද උදේ පැමිණ සිටිනු දක්නට ලැබිණ.
සමහර මන්ත්‍රීවරුන් කළු පටි අත්වල බැඳ ගෙන පැමිණ සිටි අතර තවත් සමහරුන් පැමිණ සිටියේ කළු පටි ගෙල ප්‍රදේශයේ
මාලයක් සේ රඳවා ගෙනය.
පාර්ලිමේන්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ 9.30ට රැස්විය.
මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පැය තුනක විවාදයක්ද පැවැත්විණ.
මීගමුව බන්ධනාගාරයේ සිද්ධියෙන් රැඳවියන් නිලධාරීන් ඇතුළු තිහකට ආසන්න පිරිසක් මිය ගිය අතර සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ බන්ධනාගාරයට යන්න ලැහැස්ති වෙලා ඉන්න කට්ටිය වෙන්න ඇති.
කලින් බන්ධනාගාර සිද්ධිවලදී, පාස්කු ප්‍රහාරයේදී කලු පටි බැන්ද අයමද මේ?
වැරැදි කරුවන් වෙනුවෙන් පෙනීසිටින එකම විපක්ෂය ,, දැන්වත් තෙරුන් ගන්න විපක්ෂය හදන්නෙ මිනිමරුවන් හොරු මංකොල්ල කාරයන් ස්ත්‍රි දුසකයන් වෙනුවෙන් හඩනගන්න සහ ඔවුන්ව ආරක්ෂා කරන්න,, උන්ගේ ආණ්ඩුවක් ආවානම් ඔය හිරෙ ඉන්න අය අද එළියෙ.