
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපීය රටවල් ඇතුළු රටවල් රැසක තානපතිවරු හමුවී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ ජර්මන් ජනරජයේ තානාපති හොල්ගර් ලොතර් සියුබර්ට්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග් ග්‍රීෆ්, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා, ශ්‍රී ලංකාවේ රුමේනියා තානාපති වික්ටර් චියුජ්ඩියා ඇතුළු පිරිසක් මෙලෙස විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.
මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සහයෝගය ලබා ලබාදෙන ලෙස විපක්ෂනායකවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක්ද කරනු ලැබීය.
ෙමෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට තියෙන්න ඇති නේද? අන්තිමට ඔක්කොම තානාපතිවරු ශ්‍රේෂ්ඨ ලේඛක විලියම් ෂේක්පියර්තුමාගේ යුගයේ ඉංග්‍රීසි පන්ති තියන අතිරේක පන්ති හොයන්න පටන්ගෙනලු...