
(ටී.කේ.ජී.කපිල)
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ , සිය නායකත්වයට පත් වීමෙන් පසු , පළමු වරට දඹදිව වන්දනා චාරිකාවක නිරත විය.
වන්නිලැත්තන් සමග එතුමාගේ ආරක්ෂක නිලධාරීවරයා , භාෂා පරිවර්තකවරයා මෙන්ම බාල පුත් ඌරුවරිගේ කලු බණ්ඩියා ද මෙම චාරිකාව සදහා එක් වී සිටියහ.
වන්නිලැත්තන් නායකත්වයට පත් වීමට පෙර , එනම් මීට වසර 20 කට පෙර එක් වරක් දඹදිව වන්දනා චාරිකාවක නිරත වූ බව ඔහු පැවැසීය.
මෙම චාරිකාව සදහා වන්නිලැත්තන් ඇතුළු පිරිස මී පැණි , විළද ඇතුළු පූජා භාණ්ඩ රාශියක් ද රැගෙන විත් තිබූ අතර , කටුනායක ගුවන් තොටුපොළ බෑග් අලෙවි සැළකින් , තම බඩුබාහිරාදිය දමා ගැනීම සදහා , වන සතුන්ගේ රුව සිතුවම් කර තිබූ , රෙදි වලින් මසන ලද , පරිසර හිතකාමී , කරෙහි එල්ලා ගෙන යා හැකි බෑගයක් ද මිළදී ගත්තේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරොවට මොනවා කරයිද? ෆ්ලය්ට් එකේ ගෙනියන්ඩ පුලුවන්ද
ඔය ප්ලේන් පොජ්ජෙන් ගමන් පොජ්ජ මන්දෝ කොරාල, අයි මංගැච්චුවනම් හොඳයි අපේ ඇත්තෝ.