(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමන්ට විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බවත් තමාගේ අරමුණ වූයේ හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම යැයි තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිකරණ අපහාස නඩුව අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.
රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම පැමිණිල්ල සිසිර ද ආබෲ , ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
විශ්‍රාමලත් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්‍රය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් හිරු ප්රවෘත්ති සේවයේ අධිකරණ වාර්තාකරු අජිත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සාක්කි දෙමින් කියා සිටියේ විත්තිකාර රංජන් රාමනායක මහතා කියා සිටියේ පස්වතාවක්ම අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බව මාධ්‍යයට පැවසූ බවය.
අජිත් වික්‍රමසිංහ මහතාගේ සාක්කිය අවසන් වීමෙන් පසු පැමිණිල්ලේ සාක්කි අවසන් බව අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූ.එන්.පී ආණ්ඩුව ජනතාව අතර පිරිහෙන්න ප්‍රධාන වග උත්තර කරු මොහුය.. දැන් නිකන් බබා පාට් දාන්න එපා...
එහෙනම් මොකටද විනිසුරු තුමන්ලට අල්ලස් ගන්නවා කිව්වේ. අැමති කියලා කියන්න එපැයි නඩු තීන්දුත් කලින්ම දුන්නේ... අපි බලමු ඔය වගේ ගල්පැලෙන බොරු කියලා උසාවියෙන් නිදහස් වේවිද කියලා...
චේතනාවක් නැතිව කතා කරන්නේ විකාරකාරයින්. එහෙනම් අංගොඩ ගිහින් නතරවෙලා බෙහෙත් ගන්න.
හිරුනිකා, පබා, රන්ජන් වැන්නන් පාර්ලිමේන්තුවට යවපු අයවයි හිරේට දාන්න ඕනේ...
රංජන් රාමනායක එසේ විනිසුරුවරුන්ට අපහාස කර ඇත්නම් සමහරවිට ඔහු කුමක් හෝ කියන්නට ඇත්තේ නීතියට පිටින් නිවසේ අලියකු තබාගෙන අධිකරණයට පැමිණි විනිසුරුට වෙන්නට ඇත. වරදක් පෙන්වාදීම හොඳ ක්‍රියාවකි.
ලංකාවේ විනිසුරුවන් හොඳ බබ්බු ඇත්තටම.
මෙයා හිතන් හිටියද දන්නේ නැහැ මේකත් මේ චිත්‍රපටයක රඟපෑමක් කියලා...! මෙයා රඟපාන්නේම ගොන් පාට්නේ...!
උසාවිවල දිනපතා රස්තියාදු වෙන ජනතාවගෙන් විමසුවා නම් මේකේ ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්... මෙම ප්‍රශ්නයට විනිසුරුවරුන්ට කෙලින්ම චෝදනා කරන්න බැහැ. බොහෝවිට වැරදිකාරයන් දූෂිත පෙරකදෝරුවන් සහ යල් පැනගිය අධිකරණ ක්‍රමවේද නොවේද?
වැරදි පෙන්වා දීම වරදක් වෙන්නේ කොහොමද? රංජන් කළේ දීපු නඩු තීන්දුවක් විවේචනය කිරීමක් නොවෙයි. මේ අධිකරණ ක්‍රමය තුළ වැරදි කරන අය ඉන්නවා කියන එක .
නූගත්කමයි, නැහැදිච්චකමයි මිසක් වෙන කුමක්ද?
ලංකාවේ නීතියක්, සාධාරණයක් තියනවද? මා දන්නා පරිදි ලංකාවේ ඇති නීතිය පෙරකදෝරුවන්ටයි, නඩුකාරයින්ටයි ජීවත්වීම සඳහා හදාගත් මාර්ගයක් විතරයි ලංකාවේ තියෙන්නේ.
අර නීතිවේදී සුගන්ධිකා මහත්මිය නීතියේ අාධිපත්‍ය පිළිබඳ හොඳ විග්‍රහයක් කරනවා. යූ ටියුබ් ජාලයට ගිහින් බලන්න එතුමියගේ දේශන, සම්මුඛ සාකච්ඡා...
ඇත්තටම එදා මමත් බයෙන් හිටියේ... මගේ සැමියා ක්‍රිකට් තරගවලට සහභාගි වෙන්න යනවිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මොන වගේ දෙයක් කරයිද කියලා. එමෙන්ම එදා අපිත් කූඩුවට යනවිට නැවත ගෙදර එන්න වේවිද යන්න බියෙන් තමයි හිටියේ... අදටත් එහෙමයි. කොහොම වුණත් යුද්ධයෙන් පස්සේ රාජපක්ෂලාගෙන් සිදුවුණු සංවර්ධනය දැකලා අපි සතුටු වුණාලු. මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට නම් මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාට මනාපය දිය යුතුයි.
නුගත් පුද්ගලයින්ට දොස් කියල වැඩක් නැහැ...