(තුසිත කුමාර සිල්වා)
බේරුවල ප්‍රදේශයේ පාසලක වයස 17 හැවිරිදි සිසුවකු සහ තවත් සිසුවකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් සිසුවකු ඇදවැටී බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (25) මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ මොහොමඩ් තාරික් නැමැති සිසුවෙකි.
මෙම සිසුන් දෙදෙනා අතර ගැටුම පාසල් වේලාවේදී සිදුවී තිබෙන අතර අනතුරුව තුවාල ලබා සිසුන් රෝහල් ගත කිරීමට පාසල් ප්‍රධානීන් කටයුතු කර තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් සිසුවාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බව බේරුවල පොලිසිය පවසයි.
ශිෂ්‍ය නායකයකු වන එම සිසුවා පන්තියේ විනය බාරව කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා අවාසනාවන්ත සිද්ධියක් .
පොඩි ළමයිනුත් මරාගන්නවා. රටේ විනයක් නැති පාලක රැලක් ඉන්න කොට මේවා තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.
ලංකාව ඉවරයි. අනාගත පරපුර වැරදි පුර්වාදර්ශ පෙන්වා අගාධයට හෙලා නැත්තටම නැති කළා. දැන් දේශපාලුවන්ට බොහොම සතුටු ඇති.
කරුණාකර ප්‍රවෘත්තිය ගැන හරියට හොයල බලන්න. පාසල් බලධාරීන් රෝහල් ගත කරන්න කටයුතු කලේ නෑ. ගෙදර ඇවිත් නිදා ගත්තට පස්සේ කොල්ලට නැගිටින්න බැරි වුණා.. ඉතින් ගෙදර අය බය වෙලා මොකද්ද කියලා හොයලා බැලුවා. පාසලෙන් කිසිම දෙයක් කලේ නෑ. මමත් බේරුවල තමයි මෙයාගේ ගෙවල් ළඟ...
මේ තමයි අපේ රටේ පාලකයෝ කරපු සංවර්ධනේ 70 වසරක අද වපුරපු බීජවල අස්වනු නෙලමින් ඉන්නේ.
මේ වගේ වැරදි කරන අයගේ පවුල්වල අනික් අයට පාසැල්වලට ඇතුළත් කිරීම සීමා කිරීමට නීති පැනවිය යුතුයි.
පාසලක ළමයින් කොහොමද අනෙක් ළමයින්ගේ විනයභාරව කටයුතු කරන්නේ? කිසියම් සුවිශේෂ කාර්යයන්හිදී, දක්ෂතාවය මත සිසුන්ට නායකත්වයක් දෙනු විනා, පාසලේදී, සෑම ළමයෙකුටම එක හා සමානත්වයක් තිබිය යුතුයි. ගුරුවරුන්ට ගැතිකම් කරන, කේලම් කියන ගැත්තන් ගුරුවරුන් විසින් නායකත්වයට පත්කිරීම තමයි අපේ රටේ පාසල්වල ක්‍රියාත්මක වන්නේ... එම නිසා, නායකත්වයෙන් හිස උදුම්මවාගෙන හැසිරෙන සමහර සිසුනායකයින් හා නායිකාවන් ඔවුන් කෙරෙහි අධි තක්සේරුවකින් ක්‍රියාකරන බව මා අත්දැකීමෙන් දන්නවා. අපේ රටේ ගුරුවරුන්ගේ හණමිටි ආකල්ප වෙනස් විය යුතුයි. මෙම සිද්ධිය තුළින් ලංකාවේ පවතින සියලුම පාසල්වල ප්‍රධානීන් පාඩමක් ඉගෙන නොගතහොත්, මෙවැනි සිද්ධි අනාගතයේදීත්, සිදුවීමට ඉඩකඩ ඇති බව කාරුණිකව දන්වා සිටිමි. මියගිය දරුවාට නිවන් සුව!!