(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා  සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත. මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය.