
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මේ යුද්ධය අපේ රටට ලොකු බලපෑමක් තියෙනවා. පාට හැටියට බෙදී වෙන් වෙලා ඉන්න ජාතීන් හැටියට බෙදී වෙන් වෙලා ඉන්න පුළුවන් වෙලාවක් නෙමේ , සියලු දෙනාගේ සහයෝගය එක තැනකට එකතු වෙන්න ඕන වෙලාවක් මේක , එහෙම වුණොත් තමයි අපේ ඇත්තන්ට ගමනක් යන්න පුළුවන්, නොවුනොත් ඉදිරියේදී මීට වඩා අර්බුදවලට මුහුණ දෙන්න පුළුවන් යැයි වැදි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ පැවසීය.
වන්නිලා ඇත්තෝ එසේ පැවසුවේ පිළියන්දල බටකැත්තර දකුණ සනස සමිතියේ පුස්තකාලයේ විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මෙහිදී අදහස් දක්වමින් වන්නිලා ඇත්තෝ මෙසේද පැවසීය.
මේ වන විට ලෝකයේ ලොකු තැනකින්ම යුද්ධයක් හටගෙන තියෙනවා.යුද්ධවල අත්දැකීම් වසර තිහක් තිස්සේ රටේ ඇත්තන්ට තියෙනවා.
බල තණ්හාව හින්දා ලෝකේ දියුණු තැන යුද්ද කරනකොට , මේ යුද්දේ මේ රටට විතරක් නෙමෙයි ලෝකේ අනෙක් රටවලටත් අද බලපෑමක් ඇතිවෙලා තියෙනවා.
මේ යුද්දෙ බලපෑම නිසා ජනතාවට එක එක අර්බුදවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.
සමාජයක් හැටියට, රටවල් හැටියට, ආණ්ඩුවක් හැටියට, ආණ්ඩුවල ඉන්න පාලකයන් හැටියට එකිනෙකාට දොස් කිය කියා ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ.
මේක එක රටකට විතරක් සීමාවෙච්ච දෙයක් නෙමෙයි .ලෝකෙටම මේක බලපෑම තියෙනවා.හැබැයි මේ වෙලාවේ මේ හැමෝම එක තැනකට එකට එකතු වෙන්න ඕනේ.
කල්පනා කරන්න ඕනේ කොහොමද අපි මේ අර්බුද වලින් නිදහස් වෙන්නේ කියලා. අපි අපගේ දායකත්වය ලබා දෙන්නේ කියලා.එහෙම සාකච්ඡා කරලා තීන්දු තීරණ ගන්න ඕන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd