(අංජුල මහික වීරරත්න)
ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ඇතුළු වැසි වනාන්තර සහ රැම්සාර් තෙත් භූමි ඇතුළත් වනාන්තර සහ පරිසරය ආරක්ෂා කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා((4) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.
සිංහරාජය රකින හරිත වසරක් යන ප්‍රකාශය ද මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතය .
එක්සත් ජාතික පක්ෂයේ ද වර්ණය වන කොළ පැහැය යොදා ගනිමින් ඉදිරියේදී රට පුරා වනාන්තර ඇතුළු පරිසර ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති අතර අනාගත එජාප රජයක් යටතේ කිසිවකුටත් බලපෑම් කළ නොහැකි පරිසර ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම පිළිබදවත් රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කරනු ඇතැයි අපේක්ෂිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය ගැන නොහිතා හරි තීරණ ගත් දුර දකින මහත්මයෙක්... අද හිනා වෙන මඩගහන බොහොමයක් දෙනා නොදන්නා සත්‍යය ඉදිරි අනාගතයේදී එළිවේවි..
අනිච්චේ, දුක්ඛේ සංසාරේ... ඒකටත් වල කැපෙන වැඩක් තමයි මේක...
ගැටලුව නම් මුන්දෑ අද ඊයේ දියවන්නාව පට්ටියට ලගින්න ගිය නිසාද? මෙතෙක් කල් අපේ සූත්තර පුංචා සිටියේ වෙනත් රටක පට්ටියකද?
බදියුදීන් ඇතුළු කට්ටියත් සම්බන්ධ කරගන්න.
මහ බැංකුව වගේද රකින්නේ..? මහත්තයෝ...
එකපාරටම... හීනෙකින් බයවෙලා වගේ නැගිටලා වත්ද?
මට හිතාගන්න බැහැ මෙයාලගේ ඔක්කොම කියමන්... තමන්ගේ ආණ්ඩුවක් හැම මොහොතේම එක වෙන්න ඕනෑ... ශ්‍රී ලාංකීය ජනතාව උදෙසා.
හොඳ පුවතක්...
කතා නම් පැවැත්තුවාට කමක් නැහැ ගෙදර ඉඳන්... පාලු වනාන්තරවලට නම් එක්කන් යන්න එපා. යනවා නම් එක්කන් යන කෙනා පරෙස්සමෙන්...
2015 බලයට ඇවිල්ලා දවසක් ඇතුළත අරලියගහ මන්දිරයේ තිබුණු මල් පැළ ටික කුඩුකරලා විසිකරලා දමපු හැටි අපිට අමතක වෙන්න මැරිලා උපදින්න ඕනෑ....
යම රජ්ජුරුවෝ හීනයක් දැකලා. බලය ගැන නොහිතන දුර දකින මේ මහතා ගැන කවර කතාද? ආයෙනම් පාර්ලිමේන්තුව පැත්තටවත් එන්න ලැබෙන්නේ නැහැ.