IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


විනෝද සවාරියකට ගිය පිරිසක් විල්පත්තු මහ කැලේ රැය පහන් කරති

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විල්පත්තුව වනෝද්‍යානය මැදින් වූ මාර්ගයේ යාපනය දක්වා ගමන් කරමින් සිටි පිරිසක් වන මැද සිරවී සිටියදි නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවු බව පුත්තලම ආපදා කළමණාකරණ එකකයේ අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එම්.එන්.කේ . අලහකොන් මහතා පැවසීය.

විනෝද සංචාරයක් සදහා රත්නපුර පැල්මඩුල්ල සිට විල්පත්තුව ජාතික වන උද්‍යානය හරහා  පුත්තලම පරණ මන්නාරම මැදින් වූ මාර්ගයේ  යාපනය දක්වා ගමන් කරමින් සිටි පිරිසක් ගමන් කළ බස් රථය මඩේ එරි තිබේ.

බස්රිය මඩේ එරීම නිසා ඉදිරියට හෝ පසුපසට යාගත නොහැකිව බස් රථයේ සිටි වැඩිහිටියන් හා කුඩා දරුවන් සමග 68 කට ආසන්න  පිරිස ඊයේ (21) සවස 4 සිට වන මැද සිරවී සිට ඇත.

මෙම පිරිස පුත්තලයම සිට මන්නාරමට ගමන් ගන්නා මාර්ගයේ පුත්තලම අවසන් ස්ථානය වු වනාතවිල්ලුව පරණ එළුවන්කුලම සපත්තු පාලමේ සිට සැතපුම් 23 ක් දුරින් වු පලුගහතුරේ ආසන්න ප්‍රදේශයේ මෙසේ බස් රථයෙන් ගමන් කරමින් සිටියදි හදිසියේ ඇතිවූ වර්ෂාවත් සමග බස් රථය මඩේ එරි අසරණවී තිබේ.

පසුව මුල්ලිකුලම නාවික හමුදා කදවුරේ නිළධාරින් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් ලේකම් චතුරක ජයසිංහ මහතා දැනුවත් කර ඇති අතර ඔහු කඩිනමින් පුත්තලම ආපදා කළමණාකරණ එකකයේ අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එම්.එන්.කේ  අලහකොන් මහතාට සිද්ධිය දැන්වීමෙන් අනතුරුව පිරිස  බේරා ගැනීම ආරම්භ කර තිබේ.

කඩිනමින් ක්‍රියාත්මක වු පුත්තලම ආපදා අධ්‍යක්ෂවරයා පුත්තලම 143 වන බල සේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාට මේ පිළිබඳව  දැනුම් දී   නාවික හමුදා නිළධාරින්ගේ සහ‍2යෙන්   අලුයම වන විට බස් රථය සහ එහි සිටි මගින්  නාවික හමුදා ට්‍රැක්ටර් යොදා ගනිමින් එළුවන්කුලම සපත්තු පාලම දක්වා ගෙන එමට කටයුතු කර තිබුණී.

කෙසේ වෙතත් එළුවන්කුලම සපත්තු පාලමේ ජල මට්ටම අඩි දෙකක් දක්වා ඉහළ යාම නිසා බස් රථය ඒ මතින් ගමන් කිරීම දැඩි අවදානම් මට්ටමක පැවතිණ. එබැවින් කුඩා දරුවන් සහ වැඩිහිටියන් 68 දෙනා එළුවන්කුලම ගඟේ වාඩිය නාවික හමුදා කදවුර පිහිටි ස්ථානයට 22 දින දහවල් වන විට රැගෙන එමට කටයුතු කර තිබුණී.

 නාවික හමුදා විශේෂ බළඝණයේ නිළධාරින් බස් රථයේ සියලුම මගින්ගේ බඩු බාහිරාදිය දැඩි පරිශ්‍රමයක් දරමින් බස් රථයේ සිට ගෙන එමට කටයුතු කර තිබුණි.

බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ මැදිහත්විමෙන් එළුවන්කුලම යුද හමුදා අනුකණ්ඩ කදවුර වෙත රැගෙන විත් 22 දින උදේ සහ දිවා ආහාර ලබා දි අදාල ස්ථානයේ  තාවකාලිකව නවාතැන් ගැනිමට සැලැස්වූහ.

බස් රථයේ සිරවි සිටි පිරිස රුගෙන පැමිනි බස් රථයේ රියදුරු වන පී.එම් ධනුක ඉමේෂ් මහතා මෙසේ පැවසීය.

“ අපි 21 (සිකුරාදා) දින සවස 4 ට විතර එළුවන්කුලම පිවිසුමේන් ඇතුළුවුනා.  මම එද්දි පාර හොඳට තිබුණා. යන්න ගැටළුවක් තිබුනේ නැහැ නමුත් මගදි වැස්ස පටන් ගත්තාම පාර දිගටම මඩ.

ඉස්සරහට යන්න හැදුවත් බස් එක එරෙන්න ගත්තා කරන්න දෙයක් තිබුනේ නැහැ අපි අසරණ වුනා .

බස් එකේ සියලු දෙනාම රෑ පුරාම මහ කැලැවේ බයේ හිටියේ . නමුත් නාවික හමුදාව ආවා අපේ ආරකෂාවට. පස්සේ ආපදා එකෙන් හා යුද හමුදාවෙන් ඇවිත් අපව අරන් ගියා. ..ඒත් බස් එක ගන්න බැහැ අර සපත්තු පාලමේ වතුර වැඩි නිසා“ 

 
 
 
 
 
 
 
 



අදහස් (14)

විනෝද සවාරියකට ගිය පිරිසක් විල්පත්තු මහ කැලේ රැය පහන් කරති

LoveChin Saturday, 22 December 2018 09:52 AM

දුකකදි කරදරයකදි අන්තිමට ඒ උත්තමයන්ගේ පිහිට තමයි. සමාජය මෙය අමතක නොකළ යුතුයි.

:       0       60

පිටිගල මිලානෝ Saturday, 22 December 2018 09:52 AM

රටට හෙණ පිට හෙණ වදිමින් තියෙන මේ කාලයේත් මිනිස්සු විනෝද සංචාර යනවා... නැව ගිලුනත් බෑන්ඩ් චූන් කියන්නේ මේවට...

:       2424       582

sandy123Saturday, 22 December 2018 02:24 PM

මෝඩ කතා කියන්න එපා. ඔබ කියන්නේ මුළු ජීවිත කාලයම කදුළු සලමින් ඉන්න කියලද? ඒ කට්ටිය දුක් මහන්සියෙන් හරි හම්බ කල දෙයින් කාටවත් හානියක් නොවෙන විදිහට සතුටු වුනාම මොකද? ඔබ මිලානෝ ඉදන් කිසිම දෙයක් කරන්නේ නැතුව උද්ගෝෂණය කර කර ඉන්නවද? තමන්ට එක විදිහක් තව කෙනෙකුට තවත් විදිහක් තියන්නේ බැහැ යාලුවා.

:       0       65

zeylanicusSaturday, 22 December 2018 08:23 PM

රටේ ප්‍රශ්න කියලා මිනිස්සුන්ට අඬ අඬ ඉන්න ද කියන්නේ?

:       0       74

jagath Saturday, 22 December 2018 10:18 AM

කමක් නෑ ඕකත් විනෝදයක්නේ.

:       51       306

අමා Saturday, 22 December 2018 10:24 AM

ඔය පාට, පක්ෂ බදාගෙන කෑගහන අයත් ඔය අතර ඉන්නට ඇතැයි සිතමි. සොල්දාදූවාගේ ජීවිතය, ජීවන රටාව, ආදී දේ ගැන අවබොධ වන්නට ඇතැයිද සිතමි.

:       23       204

d.upul Saturday, 22 December 2018 10:27 AM

මේවා තමයි නියම "සෆාරි". නමුත් හැමදේටම සූදානමින් යන්න ඕනේ.

:       1       176

Thehan Saturday, 22 December 2018 10:49 AM

කොහේ ගියත්, මොනවා කරත් මොනවා වුනත් එකම ගැලවුම්කරු අපේ හමුදාව....

:       58       720

AnandaR Saturday, 22 December 2018 03:16 PM

තිස්තුන් කෝටියක් දෙවිවරු හිටියත් වැඩක් තියෙනවද.? විනයගරුක සොල්දාදුවා හැම අතින්ම ශ්‍රේෂ්ඨයි.

:       1       131

LoveChin Saturday, 22 December 2018 05:13 PM

දුකකදි කරදරයකදි පිහිටට ඉන්නෙ හමුදාව. දකින්න ඇතිනෙ ඒ මිනිස්සු ගෙවන දුෂ්කර ජීවිතය. එහෙම වෙලත් දුකේදි පිහිටට එන හැටි. තමුන්ට කන්න බොන්න තියෙන දේ හරි දෙන හැටි. ජාතියක් විදිහට අපි මේ මිනිස්සුන්ට සලකනවා මදි.

:       0       118

shan saudi Sunday, 23 December 2018 04:22 AM

රටේ සිදුවන හැමදේටම මහජනතාවට ඉන්නේ මුරදේවතාව අපේ රටවිරුවන්ය....... ඔබ සියලු දෙනාටම දළදා සමිදු සරණයි සියලු දෙවි දේවතාවන්ගෙන් පිහිටයි ඔබ සැමට ජයෙන් ජය !

:       4       1758

Bamunuarachchi Sunday, 23 December 2018 05:24 AM

ඕවා මහා වැඩද මමත් 1967 ලග්ගල පල්ලේගම මීමුරේ කැළෑවක අතරමන් වෙලා පසුදා පාර සොයා ගෙන අවා. තුවක්කුවට එක පතොරමයි තිබුනේ. කැලේ අතරමන් වෙන එක රාජකාරියේ හැටියට සුළු දෙයක්. .

:       9       39

හේෂාන් Tuesday, 25 December 2018 03:30 PM

දෛවය විසින් ඔබට එක පතරොමක් දී තිබුණේ බැරි වෙලාවත් පාර සොයාගැනීමට නොහැකි උනොත් ඉතිරි වී ඇති එකම විකල්පය ක්‍රියාත්මක කිරීමටයි.

:       0       1

Bamunuarachchi Thursday, 27 December 2018 05:43 PM

හේෂාන් එතකොට මගේ වයස 22 යි... හොඳට හයිය තිබුණු කාලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 285 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 75 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 283 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 696 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 396 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 707 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1394 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 356 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site