
( එච්.චන්දන )
පුත්තලම වනාතවිල්ළුව එළුවන්කුලම රාල්මඩුව ප්‍රදේශයේ වෙල්යායක කුරුල්ලන් විශාල පිරිසක් මිය ගොස් ඇති බව වනාතවිල්ළුව වන ජීවී කාර්යාලය කියයි.
බුෂ්ලාක් නමින් හදුන්වන කුරුල්ලන් , වී කුරුල්ලන් කිහිපදෙනෙක් , පරවියෙක් ඇතුළු 150 ආසන්න පක්ෂින් ප්‍රමාණයක් මෙලෙස මිය ගොස් සිටි අයුරු දක්නට ලැබෙන බවත් මේ පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කල වන ජීවී නිළධාරිහු පවසති.
යම් කිසි විෂක් ශරීර ගතවීමෙන් මෙලෙස මෙම කුරුල්ලන් මිය යන්නට ඇතැයි සැක කෙරෙන බවත් , මිය ගිය කුරුල්ලන් ආහාරයට ගැනීමෙන් තවත් සතුන් මිය යා හැකි නිසා මිය ගිය කුරුල්ලන් රැසක් එකතු කල බව වනාතවිල්ළුව වන ජීවී කාර්යාලයේ වන සත්ව අඩවි සහකාර එම්.පි.එල් මාරසිංහ මහතා සදහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙක ත්‍රස්තවාදී සංවිධානයක් කරපු අත්හදාබැලීමක් වෙන්න පුළුවන්... ඉක්මණට මෙක හොයන්න.... මෙවා තමයි අන්තිමට ලොකු ප්‍රහාර වෙන්නේ.... මෙ අයට පිස්සුනේ මරාගෙන කන්න හදන්නේ.... ත්‍රස්තවාදින්ට...
පව් අහිංසක සත්තු..... කුරුල්ලන් ඍජුවම පරිසරයේ සුන්දරත්වයට සෑමවිටම දායක වන සතුන් කොට්ටාශයක්.
ගොයමට ගහපු කෘෂි රසායනයක් විස වෙන්න ඇති...