(උපාලි ආනන්ද)
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය කර එක් වනජීවි නිලධාරියකුට පහර දුනනැයි චෝදනා ලැබ සිටින මේජර් ජනරාල් මොහාන් රත්නායකට සැප්තැම්බර් මස 2 වැනිදා කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් සමන් වැරනියගොඩ මහතා නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තෙමින්තුව කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුෙවි ගොනු කර ඇති පැමිණිල්ල යළි කැදවූ අවස්ථාෙවිදී මහේස්ත‍්‍රාත්වරයා මෙසේ නියෝග කරනු ලැබීය
මෙහිදී වනජීවි දෙපාර්තෙමින්තුව වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් අඩව් ආරක්ෂක නීතිඥ ඒ.පී.කේ.ටී. ජයවර්ධන මහතා කියා සිටියේ වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කර එක් නිලධාරියකුට පහර දීෙමි සිද්ධිය සම්බන්ධයෙන් තම දෙපාර්තෙමින්තුව අධිකරණය හමුෙවි ගොනු කර ඇති පැමිණිල්ලට අදාල විමර්ශන සඳහා ප‍්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සැකකාර මේජර් ජනරාල්වරයාට නිල වශයෙන් දැනුම් දුන්නද ඔහු එම දැනුම් දීම නොසලකා හරිමින් ඊට නොපැමිණි බවයි
ඔමල්පේ සෝභිත හිමියන් සභාපතිත්වය හොබවන සතුන්ට සහ ස්වභාව ධර්මයට යුක්තිය උදෙසා සංවිධානය වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සදහන් කලේ වන සතුන් සහ ස්වභාව ධර්මය ආරක්ෂා කිරීමට රාජකාරිමය වශයෙන් සහ නීතියෙන් බැදී සිටින වනජීවී නිලධාරීන්ට නිල බලය යොදා ගෙන තර්ජනය කිරීම ඉතාම බරපතල තත්වයක් බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ හමුදා නිලධාරීන් ඉන්නේ රණවිරු කියනා පුදුම උන්මාදයකින්. එයට හේතුව, රටේ අන් සියලු දෙනා පසෙක තබා ඔවුන්ව පිම්ඹීම බවයි පේන්නේ. මැරෙනකම්ම කුඹුරේ වැඩ කරන ගොවියා කවදාවත් ඇගයීමක් නැහැ. දැන් දැන් පවතින ක්‍රමය අනුව බොහෝ සිවිල් පරිපාලන තනතුරු වලට පත්කරන්නේ ඉහළ පෙළේ හමුදා ප්‍රධානීන්...
හමුදාවේ ලොකුකම ඔලුවට ගත්තම අමුතු ලෙඩවල් හැදෙන කට්ටිය ඉන්නවා නේ.
ගෞරවාන්විත නිල ඇදුම් බල්ලන්ට අදින්න සැලැස්වූ විට ලැබෙන ප්‍රතිපල තමයි මේ...මෙවැනි සිදුවීම් සියලුම ආරක්ෂා අංශවලට පොදුය.
වනජීවී නිලදාරියාටත් උසාවියේදීම මෙජර්ගේ කනට ගහන්න අවසර දුන්නොත් මම හිතන්නේ වනජීවී නිලධාරියාට සාධාරණයක් කළා වෙනවා.
වන සතුන් සහ ස්වභාව ධර්මය ආරක්ෂා කිරීමට රාජකාරිමය වශයෙන් සහ නීතියෙන් බැදී සිටින වනජීවී නිලධාරීන්ට නිල බලය යොදා ගෙන තර්ජනය කිරීම ඉතාම බරපතල තත්වයක්