නිශාන්ත කුමාර
මහියංගන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඟරගම්මන, රෝහණ හා ඒ අවට ගම්වාසීන් 500 ක පමණ පිරිසක් අද (23) උදෑසන බදුල්ල මහියංගන මාර්ගයේ 20 කණුව මාපාකඩ ප්‍රදේශයේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
පඟරගම්මන ගම්මානයට ඊයේ (22) රාත්‍රියේ කඩා වැදුණු වන අලියෙකු එහි නිවසක සිටි කුඩා දැඩා දැරියන් දෙදෙනෙකුට පහරදී ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් මෙම විරෝධතාව ආරම්භ කර ඇත.
දැරියන් දෙදෙනා මරා දමා පැය දහයකට ආසන්න කාලයක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිදු බලධාරියෙකු නොපැමිණීමත් තම ගම්මානයට නිතරම එල්ලවන වන අලි තර්ජනත් සඳහා විරෝධය දැක්වීම මෙහි අරමුණ බව ඔවුහු පවසති.
ප්‍රදේශවාසීන් විසින් මහියංගනයට පිවිසෙන අතුරු මාර්ග කිහිපයක් ද වසා දමා ඇති අතර විරෝධය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමන් බිමන් අඩාල වී ඇති බව පොලිසිය පවසයි.
https://tinyurl.com/ycnq4kkz
(ඡායාරූප පාලිත ආරියවංස)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ගම වැදී මිනිසුන් මරනවා. මෙවැනි රටක ඉපදීම මහා පවක්.