IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වාන් දොරටුව ඇරී ලක්ෂපාන ඇල්ල මනාලි සිරිගනී

(රංජිත් රාජපක්ෂ)
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන තද සුළං සහ අධික වැසි තත්ත්වය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකෙන් එක් දොරටුවක් අද(11) පස්වරුවේ සිට විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
 
ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්, කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවරු පැවැසූහ.
 
කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරන බවද එම විදුලි බලාගාර ඉංජිනේරුවරු කීහ.



අදහස් (2)

වාන් දොරටුව ඇරී ලක්ෂපාන ඇල්ල මනාලි සිරිගනී

පූජා Tuesday, 13 October 2020 10:35 AM

ලක්‍ෂපාන ඇල්ල මනාලි සිරි ගත්තාට, කෝ කව්රුවත් ඔයාගේ සිරි බලන්න ඇවිත් නැහැනේ.. ඔයා තනිවෙලා ඉන්න කොට මට ලස්සන ගීතයක් මතකයට නැඟෙනවා.. "තනි වෙන්නට මගේ ලොවේ, පුරුදු පාලුවෙන්.."

:       0       16

K Siriya Tuesday, 13 October 2020 10:03 PM

මනාලි සිරි විඳින්න තරම් හිතේ සතුටක් කෝ? මෙහෙන් ජීවන වියදම, අරහෙන් කොරෝනා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 59 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 24 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site