(ක.ග.කරුණාරත්න සහ ලයනල් සිල්වා)
පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ සුංගාවිල වනජීවී බීට්ටු කාර්යාලයට ආසන්නයේදී අද (05) වන අලියෙකු පහරදීමෙන් හිමිනමක් අපවත්වී ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂට පත්ව ඇත්තේ සෝමාවතිය සෑරදුන් වන්දනා කිරීම සඳහා ගම්පහ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක සිට වැඩමකල ගිරිතලේ මෛත්‍රී නැමැති 40 හැවිරිදි හිමිනමකි.
මෙම ස්වාමීන්වහන්සේ ඇසල පුරපසලොස්වක පොහෝ දිනයේ සෝමාවතිය පුදබිම වෙත වැඩමකර අද(05)අලුයම ආපසු පාගමනින් සුංගාවිල දෙසට එමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇතිබව පොලීසිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණයවී තිබේ.
උන්වහන්සේගේ දේහය හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා පොලොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරයට අද (05)උදේ රැගෙන එනු ලැබීය.
පුලස්තිපුර පොලීසිය මේ පිලිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන් වහන්සේට නිවන් සුව අත්වේවා...!
අලි නිකමටවත් සිරිකොත පැත්තේ, දියවන්නාව පැත්තේ යන්නේ නැති හැටි... ගම්වල අහිංසක මිනිස්සුන්ට නම් හිරිහැර කරයි.