(සමන් පාලිත නානායක්කාර)

ගිරාඳුරුකෝට්ටේ විරාණගම නවය කනුව අසල ප්‍රදේශයේදී අද 23 උදෑසන වන අලියකු පහරදීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත් වී ඇති බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වන්නකු වත්ත වඩුගේ ආශ්චර්යා මිහිරාණි ( 20) නමැති තරුණික බවද පොලිසිය පැවසීය.

පෞද්ගලික ඇගලුම් ආයතනයක රැකියාවක් සඳහා යාමට බස් රථයක් එනතුරු මාර්ගය අයිනේ සිටි මෙම තරුණිය එක්වරම වන අලි ප්‍රහාරයකට ලක්වී තිබේ.

වන අලි පහරින් තුවාල ලබා මග වැටී සිටි තරුණිය ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් මහියංගන රෝහලට රැගෙන ගියද ඇය ඡීවිතක්ෂයට පත් වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.