(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දේවානි ජයතිලක වැනි රාජ්‍ය නිලධාරීන් දහස් ගණනින් බිහි විය යුතු යුගයක ඇය ගැන ඇත්තේ ආඩම්බරයක් බවත් කවුරුන් මොනවා කීවත් ඇයට එරෙහිව කිසිදු පරික්ෂණයක් කිසිසේත්ම නොපැවැත්වෙන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (16) පැවසීය.
“කළුතරට කැළි කසළින් තොර වෙරළක්” තේමාව යටතේ පානදුර සිට බෙන්තර දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ “ලස්සන වෙරළ” වැඩසටහනෙහි පානදුර මුහුදු වෙරළෙහි පැවති අවස්ථාවට එක් වෙමින් මෙසේ කීය.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකාවෙන් පනවා ඇති තහංචි වලට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය එකඟ නැති හෙයින් ඔවුන් පනවන නීතිරීති එතරම් අදාළතාවයක් නැති බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
‘දේවානි ජයතිලක විශිෂ්ට රාජ්‍ය නිලධාරිනියක්.අද රාජ්‍ය සේවකයන්ට නව පනක් ලැබිලා තියෙනවා. නිත්‍යානුකුලව,විනයනුකුලව කටයුතු කරන්න. දේවානි නිලධාරිනියගේ මැදිහත්වීමෙන් අපිට පෙනෙන්නේ එයයි. ඇය තමන්ට පැවරී තිබුණ නීතිය , පරිසර පද්ධතිය රැකීම පිළිබඳ වගකීම එතුමිය ඉටු කළා. ඒ ඉටු කිරීම තමයි අපිට පේන්නේ. මහජන නියෝජිතයෙක් හැටියට සනත් නිශාන්ත මහතාත් තමන්ට මහජනයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. ඒ දෙක අතර ගැටුමක් තියෙනවා. එය තුලනය විය යුතුයි. රාජ්‍ය නිලධාරිනිය නීති ප්‍රකාරව ක්‍රියාත්මක වෙනවා. සනත් නිශාන්ත මහතා මහතා මහජන ඉල්ලීම ඉටු කරන්න කටයුතු කරනවා. ඒ දෙකම විය යුතුයි. හැබැයි අවසාන වශයෙන් තුලනයක් විය යුතුයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මේ තුලනය කිරීමට සමත් රජයක්. එනිසා කිසි ගැටලුවක් ඇති වන්නේ නැහැ. ඇයට විරුද්ධව කිසිසේත්ම පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නැහැ.තමන්ට පැවරුණු රාජකාරිය අකුරටම ඉටු කල නිලධාරිනියක්. ඇයව මේ ආණ්ඩුව රකිනවා. පරිසර අමාත්‍යංශයට ඇය පිළිබඳව තියෙන්නේ ආඩම්බරයක්.තව තවත් දේවානි ලා මේ රටේ දහස් ගණන් බිහි විය යුතුයි. පරිසරයට විශේෂයෙන්ම දේවානිලාගේ අඩුවක් තිබුණා.
පානදුර සිට බෙන්තර දක්වා වෙරළ තීරය ආරක්ෂා කිරීමට කමිටු පත් කිරීම සහ පානදුර වෙරළ භුමියේ පොල් පැල වගා කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම ද සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැවුලයි කැඳයි දෙකම බේරාගෙන උත්තරයක් දීල තියෙනවා. කොහොම වුණත් කමක් නෑ, මට තේරුම් ගන්න බැරි දේවානිට විරුද්ධව පරීක්ෂණයක් ගැන කතා කිරීමම අනවශ්‍ය දෙයක් වී තියෙද්දී මෙයා මොනවද මේ කියවන්නේ. පරීක්ෂණයක් තියන්නේ එයා මොනවා කළාටද? හැබැයි පරීක්ෂණ තියන්න ගියා නම් ඡන්ද ලක්ෂ ගණනක් කැඩෙනවා කියන එක තේරුම් ගන්න තරම් කාට හරි මොළේ කලඳක් තිබිල තියෙනවා.
එතුමියට එරෙහිව පරීක්ෂණ කරන්නේ නීතියට වැඩ කලා කියලද? කරනවනම් කරලා බලන්නකෝ. රටේ ජනතාව බලාගනී ඉතුරුටික
මොන “තුලනයක්ද ?” මොලේ කළදක් තියනවනම් කළයුතුව තිබුනේ මෙය නීතිවිරෝධී ඉලිලීමක් බව ජනතාවට ඇමති විසින් කියාදීම . නමුත් වුණේ අනිත් පැත්ත . ඔයාටත් මේක තේරුම්ගන්න අධ්‍යාපනය අඩු බව පේනවා . කව්ද ඔයාට පරිසර රාජ්‍ය ඇමතිකම දුන්න කෙනා කියල පැහැදිලිවම පේනවා . ඇමතිගේ අතින් වැඩේ වෙන් නැතිනිසා තමා , උතුම් දේවනි මහත්මියට කට අරින්න උණා. පරීක්ෂණ පටන්ගන්නකො ජනතාව ඔයාලව තව මාසකියක් ඇමතිකමේ තියිද බලන්න . අනේ මගේ රටට කවද්ද මොලේ ඇති අවංක නායකයෙක් බිහිවවිද.
" දේවානි " කියන නම මේ නිලධාරී මහත්මියට දයිවෝපගත ලෙස දෙමව්පියන්ගෙන් ලැබිලා තියෙනවා.දේවානි කියන්නේ "දෙවියන්ට සේවය කරන '' කියන අර්ථයක් දෙනවා.(සමහර දේවාල,කෝවිල් වල ඉන්නවා දේවානි නැතිනම් තේවානි අම්ම කියලා ස්ත්‍රීන්.මේ අය දේවාලයේ වැඩ කටයුතු වලට සහය වෙනවා.) මේ ලෝකයේ ජිවය පවත්වාගනයාමට අවශ්‍ය ප්‍රධානම සාධක 2ක් තියෙනවා. ඒ ඔක්සිජන් සහ ජලයයි.ජලය නැතිව අපිට දින 10 පමණ ජිවත්විය හැකිවුනත් වාතය නොමැතිව මිනිත්තු 3 කට වැඩිය අපිට ජිවත්වන්න නොහැකි බව ඔබ කවුරුත් නොදන්නවා නොවෙයි.අපිට අම්මලා දෙන්නෙක් ඉන්නවා කිවොත් සමහර විට ඔබ ටිකක් කල්පනා කරන්නට පටන්ගනිවී. පලවෙනි අම්ම තමයි අපිව මේ ලෝකෙට බිහිකරපු ජිව විද්‍යාත්මක අම්මා.දෙවෙනි අම්මා තමයි " ස්භාව ධර්මය " කියන්නේ.මේ ලෝකයේ තියෙන සියලුම ක්‍රියාකාරකම් පාලනය කරන්නේ ඇයයි.අපි ස්භාවධර්මයට විරුද්ධව ..ඇයව විනාශ කිරීමට කරන සෑම ක්‍රියාකාරකමකටම ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇයගෙන් ලැබෙනවා. අලුත්ම ප්‍රතික්‍රියාව ඔයගොල්ලෝ දන්නවානේද..එවරස්ට් කන්දේ අයිස් දියවීමට පටන්ගැනීම.ඉතින් ..දෙවියන් දුන් ස්භාවධර්මයා රැකීමට ..ඒ කියන්නේ මිනිස්වර්ගයා රැකීමට පැමිණි කෙනෙකි " දේවානි " කියන්නේ.
ඇයට එරෙහිව පරීක්ෂණයක් කරන්න ඇය සිදුකරන ලද වරද මොකක්ද පරිසර ඇමතිතුමෝ.. ඊට කලින් නරකද ඇයගේ අදහස් ප්‍රකාශකිරීමට බාධා කල අර ඔක්සිජන් මොකටද කියලා අහපු අමුතු ජීවියාට සහ එතන නපුංසකයෙක් වගේ සිටි පොලිස් නිලධාරියට, ඒ වගේම නිතිය නවලා මේ වැඩේට සහයෝගය දෙන්න කියපු සනත් නිශාන්තට එරෙහිව පරීක්ෂණ කළා නම්. කවුරුත් හරිම කැමති තැලෙන යකඩම තලන්න තමයි.
මුලින්ම ඔහේ වගේ අයට තමයි පරීක්ෂන කරන්න ඕනේ . මොකටද මෙතන පරීක්ෂණ ... කොහෙද යන්නේ මල්ලේ පොල් .
මොකද්ද පරීක්ෂණය ? නූගත් ඔළමොට්ටල දේශපාලකයින්ට ඕන විදිහට නැටුවෙ නෑ කියලද ? ඇය සමඟ සමස්ත මහ ජනතාවම සිටින වග කිසිවෙකුත් අමතක නොකළ යුතුයි
මොන පරීක්ෂණද තියන්න හිතාගෙන හිටියේ ? ඇයි එම නිලධාරිනිය සේවයට බදවා ගන්නකොට සම්මුක පරික්ෂනයක්වත් තිබ්බේ නැද්ද
ඇයට විරුද්ධව පරික්ෂන කරන්නේ මොකටද ? උත්තරිතර පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙකුට බයෙන් කට වහගෙන නොසිටීමේ වරද ට ද ? නිතිය වෙනුවෙන් පෙනී සිටීමේ වරදට ද ? අසාධාරණය ට එරෙහි වීමේ වරදට ද ? එතුමිය කල වරදක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්නකෝ බලන්න ...
ඇයි ඒ නිලධාරිනිය ගැන මොන පරීක්ෂණ කරන්නද? පොතේ හැටියට වැඩකළ නිසාද?