( ඩයනා උදයංගනී)
විදේශගතව සිට පැමිණෙන අයගේ පී.සී.ආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට තරම් ධාරිතාවයක් කටුනායක ගුවන් තොටුපල පර්යේෂණාගාරයන්හි නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
එහි දැනට සිදුකරන්නේ විදේශගත වන අය සඳහා අවශ්‍ය පරීක්ෂණ පමණක් බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
එහි පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම සඳහා මේ වන විට කටයුතු සිදුවන බවත් ඒ අනුව ඉදිරියේ දී විදේශවල සිට පැමිණෙන්නන්ගේද පරීක්ෂණ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් හේමන්ත හේරත් මහතා කීවේය.
හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
විදේශවල සිය පැමිණෙන අයටත් ගුවන් තොටුපල තුළ පරීක්ෂණ කිරීමේ පහසුකම් නොමැති නිසා දැනට හෝටල් සහ රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමු කර පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ නිසා තමයි අපි උපදෙස් දෙන්නේ.. දන්නා කියන කිසි කෙනෙකුට ලංකාවට යන්න එපා කියා... අපේ හිතවත් ජර්මන් ජාතිකයන් ඇතුළු අනිකුත් හිතවත් අයට වගේම ලාංකිකයින්ට කියන්නේ ලංකාවට නොයන ලෙස. හේතුව මෙතරම් පහසුකම් එයාර්පෝර්ට් එකේ තිබියදී මෙවැනි දේවල් සිදු වන්නේ රජයේ අනුදැනුම අනුව නොවේද? එසේ නොවේ නම් මෙවැනි ගසා කෑමක් නවත්වා ගන්න රජයට නොහැකිද?...
ඔබ හරි රන්ජන් . තරාතිරම අනුව තමයි මිනිසුන්ට සලකන්නේ
පුලුවන් නම් පහසුකම් දෙන්න ඒ් දේවල් හරියට තියෙන්න ඔනි මේ වගේ අනාරක්ෂිත වෙලාවක
අපේ රටට සංචාරකයෝ ගෙන්නන්න හදන උදවිය මේවා ගැන දන්නෙම නැද්ද? මේක නේද එහෙනම් හේතුව රට විනාශ වෙන්න.
ඉතිල් බොල පහසුකම් මදිනම් වැක්සින් දෙකම ගහගෙන එහෙනුත් පී.සී.ආර් එකක් කරගන්න අයව ගෙදර නිරෝධායනය කරන්න තරම් ඔහෙලට ඔලුවක් නැද්ද ?කොරෝන හැදිච්ච එවුන්වත් ගෙදර තියාගෙන බෙහෙත් දෙනවා .මේ නිඅක්න් බොරු කියවන්න එපා .ඕක ගසා කෑමක් කරන්නේ
මොකටද පිටරටින් එන අයව පී.සී.ආර් කරන්නේ.?
ඔබලාට ඩොලර් කෝටි ගණනක කොරෝනා ආධාර ලැබුනා. ඔය රසායනාගාර වැඩි දියුණු කරගන්න ඔබලාට බැරිද?
ලංකාදීපය හරහා දැන් ලැබුන අලුත්ම පුවතක් .සංචාරකයන්ට පැය 3න් පී.සී.ආර් එක දීලා ගෙදර අරින්න අලුතෙන් රසායනාගාරයක් හදනවා ප්‍රසන්න ඇමති තුමා .විදේශ ශ්‍රමිකයන්ට හුලන් ඔහු දිනකට රුපියල් 10000-20000 අතර මුදලක් ගෙවලා නිරෝධාන හෝටල් වල දවසක් 2ක් ඉන්න ඕනේ