දයාසීලි ලියනගේ
ගුවන් තොටුපොළ යළි විවෘත කරනු ලැබුවත් විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය මව්රටට පැමිණීම සඳහා තවමත් විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමට සිදුවී ඇත.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපති ජනක විජයපතිරණ මහතා ප්‍රකාශ කළේ දැනට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය මත පැමිණි බවයි.
විදේශිකයන් සඳහා එවැනි අනුමැතියක් අවශ්‍ය නොවන අතර විදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම නියමය ක්‍රියාත්මක වන බවද විජයපතිරණ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාට කෙළින් තීරණයක් ගන්න බැරිවුණා. තවමත් ලංකාවේ ඉපදුණු අපිට අවුලක් නැතිව ලංකාවට එන්න පුළුවන් කියන්න. ගොඩක් දුකයි ... දෙපැත්තට දීලා එපා වෙලා ඉන්නේ... ඊළඟට ජවිපය තමයි දෙන්නේ.. ඔක්කෝම හොරු ... සිංහල, දමිළ, මුස්ලිම්, මිනිස්සු විකුණනවා විතරයි.
විදේශිකයන්ට ඕනේ නැහැලු. ඒ කියන්නේ ඉන්දියන්, පාකිස්තාන් වගේ එපාකරපු රටවල අයටත් ඕනේ නැහැ. නමුත් ලාංකිකයාට අවසර ඕනේ... තමුන්ගේ රටට එන්න. මේවා නම් ඉතිහාසගත වෙන වැඩ සර්...!!
දැන් ආණ්ඩුවට අපිව පෙනෙන්නේ ත්රස්තවාදීන් වගේ... කෝ එයාලගේ දේශප්‍රේමී බව? කවුරුත් රට වෙනුවෙන් වැඩ කරන අපි වෙනුවෙන් කතා කරන්නේ නැහැ.
අනිත් හැම රටේම ඕකේ අනික් පැත්ත. කොහෙන් හිනා වෙන්නද මන්දා..?
හොඳ වැඩේ! පුළුවන් තරම් ලංකාවෙන් පිටරටවලට මිනිසුන් පටවනවා මිසක්, ලංකාවට නම් කිසිවෙකු රැගෙන ආ යුතු නැහැ. පිටරටවලින් කාලා එනවා මෙතන කොඩි උස්සගෙන ලංකාවට. මතකනේ ඡන්දෙ කාලේ මේ අය දඟලපු දැඟලිල්ල...
නැත්නම් කොරෝනා ගරානාව කරගෙන යන්නේ කොහොමද? ඔය කියන්නේ හොටල් වල නැවතීම අනිවාර්යයි කියන එක නේද...?
රටේ මිනිස්සුන්ට වැහුණා. විදේශිකයන්ට ඇරුණු ලෝකයේ එකම රට...
අපේ රටට අපිට දෙන්න බැහැ. එතකොට සංචාරකයින්ට කොරෝනා නැද්ද? මළ විකාර...!!!
කෝවිඩ්-19 සඳහා අදාල එන්නත් ලබාගෙන ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද?
මේක නම් ඇත්තටම මෝඩ වැඩක්..
තමුන්ගේ රටට එන්න අවසර ගන්න ඕනේ... නමුත් පිටරැටියන්ට නිකන්ම එන්න පුළුවන්. සර්‘ ඔබ නම් දෙවියෙක් වෙන්න ඕනේ...!!!
ඕකට කියන්නේ හමුදා පාලනේ කියලා..!!!
මාර නීතිනේ. පිට රට හිඟන්නන්ට කොරෝනත් අරගෙන මගේ රටට එන්න පුළුවන්. රටේ අයට කන්න විදේශ විනිමය හොයන්න දහදිය හෙළන මට මම කැමති වෙලාවක මගේම රටට එන්න.. එක එක ලපයි සිපයින්ගෙන් අවසර ඕනෑ. මේ අයට අල්ලස් දෙන්න මගේ ළඟ සල්ලි නැහැ. මීට පස්සේ මම ලංකාවට නීත්‍යානුකූලව සල්ලි එවන්නෙත් නැහැ. මෙහෙන් දීලා ඔහෙන් වැඩි ගානක් ගන්න..
මෙ මොන අපරාධයක්ද..? දැන්නම් හිතෙනවා අපි මොකටද මෙතරම් FB හරහා මහන්සි වුණේ කියලා... හරිම දුකයි.
මේවා සහගහන අපරාද?
මේක තනිකරම විදේශීය ශ්‍රමිකයින්ගේ තුට්ටු 02 හූරගෙන කන බිස්නස් එකක්... මෙහෙමත් අවස්ථාවක්.. ප්‍රයෝජන ගන්න පිරිසක් ඇයි රජයෙන් මේවට ඉඩදීලා තියෙන්නේ... ? මේකටද අපි ඡන්දෙ දීලා නායකයෙක් පත්කර ගත්තේ..?
70 ගණන් වලින් පස්සේ ලංකාවේ සිදුකළ ලොකුම මෝඩකම මේකයි කියලා හිතෙනවා.
මේක හරිම කණගාටුදායක දෙයක්. මෙම ප්‍රතිපත්ති වහා වෙනස්විය යුතුයි. වෙන රටවල නම් පුරවැසියට මුල්තැන. බිලියන ගණනින් රටට එවපු දහස් ගණන් පුරවැසියන්ට වඩා දැන් සුද්දගේ ඩොලර් එකයි වටේ ඉන්න සුළු පිරිසකුයි ලොකු වෙලා. මැද පෙරදිග, යුරෝපයේ රක්ෂා කරන මිනිස්සු දසදහස් ගණනින් එන්න මාස ගණන් පොලිම් වල. මේ වගේ පුරවැසියාට දොර වහපු ප්‍රතිපත්ති වෙන කිසිම රටක නැතුව ඇති. අපි ඉතින් රටරටවල අනාථ වුණාට මේ ප්‍රතිපත්ති හදන මිනිස්සුන්ට නම් ඒවා ප්‍රශ්න නෙවෙයි. මොකද එයාලා VIP. ඕනැ වෙලාවට යන්න පුළුවන්. ඕනැ වෙලාවට එන්න පුළුවන්.
අරාබිකරයේ අවුරුදු ගණන් වළන් හෝදලා හොඳටම හෙම්බත් වෙලයි උන්නේ.. හිතුණා ලංකාවට ගිහින් එන්න. මෙන්න පොහොට්ටුව විකාර කරනවා.
හොඳ වැඩේ... මොකද අපි කිව්වනේ ඔය ගැන. කරන්න එපා කිව්වා ඇහුවද? නෑනේ. දැන් කාපල්ලා ඉල්ලගෙනම. හෙට අනිද්දාට ඔහොම නෙමේ හම්බවෙන්නේ. යහපාලනේ නිදහස.., තිබුණු ප්රජාතන්ත්රවාදය එපා කිව්වනේ. ඔහොම යමු.
වසරකට ඩොලර් බිලියන 6-7ක් රටට එවන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට වඩා වසරකට ඩොලර් බිලියන 3-4ක් රටට ගේන විදේශිකයන් වටිනවා. රෙස්පෙක්ට්... !
නොබෝ දිනකින් කොරෝනා තිබුණා හෝ නැතත් ලාංකිකයන්ට ලංකාවට එන්නත් වීසා ගහන්න වෙයි.
මේවා මහා අපරාධ...!!!
අපේ රටට එන්න එක එක්කෙනාගෙන් අවසර ගන්න ඕනෑද? වෙනින් රටවලින් එන්න පුළුවන් ඕනෑ විදිහට...
දැන් කාටවත් දොස් කියලා හෝ අඬලා පසුතැවිලි වී තේරුමක් නෑ. කොරෝනා භීෂණය කොතරම්ද යත් බොහෝදුරට ඔබෙන් යැපෙන්නන් පවා ඔබගේ පැමිණීම අපේක්ෂා නොකරයි. ඉතින් ආණ්ඩුව ගැන කවර කතාද? අත්‍යාවශ්‍ය මුදල් සම්ප්‍රේෂණ හැර, ඉන්න තැනක සල්ලි ඉතුරු කරගෙන සන්තෝසෙන් ඉන්න. ඔබේ වටිනාකම දැනුන දාට එන්න කියයි.
මේවා මහා නරක වැඩ... සල්ලි හොයන ජාවාරම් වැඩ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ එන පරිදි සෑම පුරවැසියෙකුටම ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාව, රජය සහ පරමාධිපත්‍යය යටතේ එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරුනු ලැබිය යුත්තේ ය. ආරක්ෂා කරනු ලැබිය යුත්තේය. වර්ධනය කරනු ලැබිය යුත්තේය. තවද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය.
ජරා දේශපාලකයෝ. සංචාරකයින්ට එක නීතියකුත්, අපිට තවත් නීතියකුත්. කිසිම රටක නැති නීතියක් මේක... දෙන්නේ නෑ මීට පස්සේ කිසිම දේශපාලකයෙක්ට හෝ පක්ෂයකට... මේ වගේ දේශපාලකයන් ඉන්න රටක ඉපදීමත් අපි කරපු පවක්...
තව බොහොම ටික දවසකින් ශ්‍රී ලාංකික අපිට ලංකාවට එන්න වීසා ගන්න වෙනවා අනිවාර්යෙන් එතකොට, වෙන රටවල් වල අයට මුකුත් ඕනේ වෙන්නේ නෑ අපේ රටට එන්න, ෂෝයි අප්පා...!!!
විකාර කතා නම් එපා...
රට විරුවෝ කියලත් කට්ටියක් හිටියාලු...
විදේශ විනිමය මව්රටට උපයන, විදේශ ශ්‍රමිකයින්ට මේ වගේ අසාධාරණ විදියට ප්‍රකාශ නිකුත් නොකර... සාධාරණ විදියට කතා කළා නම් වටිනවා නේද? නිකම් ත්‍රස්තවාදී පිරිසකට වගේ සලකන්නේ නැතුව.. ලෝකේ අනිත් රටවල් තමුන්ගේ මිනිස්සු ගෙන්න ගන්න වදවෙද්දී, තමුන්ගේ මිනිස්සුන්ට ත්රස්තවාදීන්ට වගේ සලකන එකම රට...
කාලකණ්ණි දේශපාලුවන් ලාංකික වූ අපට රටට එන්න අවසර ගන්න ඕනෑද?
මොනවා කියන්නද? හරිම දුකයි. මාස ගාණක් තිස්සේ බලන් ඉන්නවා. ලංකාවට එන්න හදාගත්ත ටිකට් වලටත් එන්න බැරිවුණා තමයි.
විශිෂ්ට රටක ඉපදීමට තරම් අප වාසනවන්ත බව අප කුඩා කාලේ ගුරුවරුන් කියනු අසා ඇත්තෙමු. අප දරුවන්ට තව දුරටත් එසේ කියාදීමට අපටම දැන් රටක් නැත. මෙතෙක් කල් වසාදමා තිබූ ගුවන්තොටුපළ විදේශිකයින්ට අද සිට විවෘත වනු ඇත. රටේ පාලකයෙකුට එවැනි තීරණ ගත හැකිද? පාලකයෙකුගේ වගකීම වන්නේ තම රටවැසියා ආරක්ෂා කිරීම වුවත් තම රට වැසියන්ට ගුවන්තොටුපළ වසා විදේශිකයින්ට විතරක් විවෘත කිරීමට උපමාවක් යොදනු ලැබුවහොත් එයද උපමාවට කරන ගැරහීමකි. මොවුන්ට විදේශගත ලාංකිකයින් ගැන කිසිම තක්සේරුවක් නැත. විදේශගත ලාංකිකයින් කොටස් කීපයක් ලංකාවට ඒමට සිටිති. 1. රැකියා අහිමිව ලංකාවට ඒමට සිටින අය බොහෝ අයට රැකියාවන් අහිමි වූ පසු ආදායමක් නැත. නිවාස කුලී හා කෑම සඳහා මුදල් අවශ්‍ය වේ. යන එන මන් නැතිව පාරවල්වල දුක් විඳින අයුරු ඕනෑතරම් දැකගත හැකිය. මෙවැනි මිනිසුන්ගෙන් පවා නිරෝධායනය සඳහා මුදල් අයකිරීමට හැකිවන්නේ හිතක්, පපුවක් නැති පාතාල නායකයෙක් වැන්නෙකුට පමණි. එසේ නැති බව පෙන්වීමට ඉතාමත් සීමිත පිරිසක් රජයේ නිරෝධනයට යවා එය සියගුණයකින් වැඩිකර ප්‍රචාරය කරති. 2. නිවාඩුවක් පැමිණ නැවත සේවයට පැමිණීමට සිටින අය විදේශගත බහුතරය අයත් වන්නේ මේ කාණ්ඩයටයි.
ඩයස්මි ලංකාවට ආමි. ඡන්දයක් තියෙනවා නම් ලංකාවට ඒමට පුළුවන් වන්නෙමි. දැන් ලංකාවට ඒමට ඉඩ නොදෙන නිසා කරපු මෝඩකම ගැන සිතමින් සිටිමි.
බොහෝ අය මේ තීරණයට එකහෙළාම විරුද්ධයි. අද වනවිට විදේශගත රටට කන්නදෙන ජනතාවට සලකන හැටි සර් ඔප්පු කරලා ඉවරයි. සියළු විදේශගත ලාංකිකයන් සර්ට ඡන්දය දාන්න අාවේ නැහැ. උද්දච්ච හීන මානයෙන් පෙලිච්ච අය අැවිත් ඡන්දය දුන්න මමත් විදේශගත ලාංකිකකයෙක්.. මා නම් මේ තක්කඩින්ට ඡන්දයක් තියා පින්තූරයක්වත් දකින්න කැමති නැහැ. මෙහෙම වෙන එක එක අතකින් හොඳයි.. කොපමණ පැහැදිලි කළත් පිළිනොගත්ත අයට සර්ලගෙ කෙරුවාව අත්දැකලම පුළුවන් තීරණය කරන්න. දැන් කවුද පරාද..3% ද?
දුන්නා නම් දැන් විඳවපල්ලා..!!!